• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එ.ජා.මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත සර්ජි කැපිනෝස් මහතා අක්ත පත්‍ර ප්‍රදානය කරයි

Hon Mangala samaraweera 2017 04 07එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත සර්ජි කැපිනෝස් මහතා  අද (07)  විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතා හට අක්ත පත්‍ර ප්‍රදානය කරන ලදී.
 
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ක්‍රමෝපායික ලෙස වැදගත්වන පිහිටීමක් ලබා ඇති හෙයින් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරමේ සංක්‍රාන්තික ස්ථානයක් ලෙස භාවිත කිරීමේ අවධානමක් පවතින බව විදේශ අමාත්‍ය සමරවීර මහතා මෙහිදී සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය විසින් ඉන්දියන් සාගරයේ හෙරොයින් ජාවාරම මැඩපැවැත්වීම පිණිස ක්‍රියාත්මක කරන ලද දක්ෂිණ මාර්ගික හවුල්කාරීත්ව වැඩසටහන අමාත්‍යතුමාගේ පැසසුමට ලක්විය. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක බලධාරීන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

නූතන විද්‍යාත්මක තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමේ ක්‍රමවේද දියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍ය මංගල සමරවීර මහතා, මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීම පිණිස ධාරිතා සංවර්ධන පියවරවල් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හා මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම පිණිස ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය විසින් ලබාදෙන ලද දායකත්වය අගය කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.