• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හම්බන්තොට මුරුතවෙල ඉදි කළ ජල ජීවී වගා මධ්‍යස්ථානය විවෘත කෙරේ

fishහම්බන්තොට මුරුතවෙල ඉදි කළ ජල ජීවී වගා මධ්‍යස්ථානය ඊයේ (08) ප.ව.2.00 ට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අතින් විවෘත කෙරේ.
 
 
ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයට අවශ්‍ය මත්ස්‍ය පැටවුන් මිලියන 20ක් වාර්ෂික ව නිෂ්පාදනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන් තිලාපියා සහ කාෆ් යන මත්ස්‍ය වර්ග දෙක නිෂ්පාදනය කෙරේ.

රැකියා දශලක්ෂයක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව ධීවර ක්ෂේත්‍රයට අදාළ ව රැකියා අවස්ථා ලක්ෂයක් බිහි කිරීමට දායකත්වය ලබා දීම සඳහා ගෙන යන වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දිය හැක.


ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් කටයුතු මෙහෙය වන ලද මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 400ක මුදලක් රජය මගින් ආයෝජනය කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.