• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“එළකිරි සඳහා තත්ත්ව පරීක්ෂණ ” පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුවක්

cow and milkඑළකිරි හඳුනා ගැනීම සඳහා සිදු කළ හැකි තත්ත්ව පරීක්ෂණ පිළිබඳ පුහුණු වැඩසටහනක් මේ මස (28)  ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය තාක්ෂණික සේවා අංශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
කිරි නිෂ්පාදන වල සෞඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන එළකිරි වල ප්‍රමිතිය මත රදා පවතී. වාණිජ අරමුණු පෙරදැරිව කිරි සංයුතිය වෙනස් කරන අවස්ථා මෙන්ම විවිධ බාහිර ද්‍රව්‍ය කවලම් කර තත්ත්ව බාල කරන අවස්ථාද දක්නට ලැබේ.

මෙම තාක්ෂණ පුහුණු වැඩමුළුවේ දී එළ කිරි වල සංයුතිය පරීක්ෂා කිරීම (කිරි මේදය %, මේද නොවන ඝන ද්‍රව්‍ය%), බාහිර ද්‍රව්‍ය එකතු කර තත්ත්වයෙන් බාල කල කිරි සඳහා පරීක්ෂා,  ක්ෂුද්‍ර ජීවී පරීක්ෂා සහ කිරි කර්මාන්ත සඳහා යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුගමනය පිළිබඳ ව ප්‍රායෝගිකව දැනුම්වත් කරනු ඇත.

මෙම වැඩසටහනට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම්  අධ්‍යක්ෂ, තාක්ෂණික සේවා අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 615, ක‍ටුබැද්ද, මොර‍ටුව. යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ හෝ 0112605278 ට ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට ඊ මේල් පණිවිඩයක් ලබා දීමෙන් හෝ ලියාපදිංචි විය හැක.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.