• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් සෙමොන්දු අවන්හලේ දී “ලෝක මිහිකත පැය” සමරයි

Srilankan 2017 04 09ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය මාර්තු  මස  25 වන දා ලෝක මිහිකත පැය කොළඹ පිහිටි ගුවන් සමාගම් සෙමොන්දු අවන්හලේ දී සමරනු ලැබීය.
 
 
 
මෙම ජාත්‍යන්තර දිනය සඳහා සිය පාරිභෝගිකයන් ද ක්‍රියාකාරී ලෙස සහභාගී කරගනිමින් අරුත්බර ලෙස සැමරීමටත් පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ දැනුම බෙදාගැනීමටත් ගුවන් සමාගම මේ අනුව කටයුතු  කර ඇත.  

මේ අනුව ගුවන් සමාගම විසින්  මෙවර “ලෝක මිහිකත  පැය” තේමාව ලෙස  “පැයකට වඩා වැඩි කාලයක් සැමරීම” නම් කළ අතර ඒ වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් ලෝක සම්පත් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ  සිය කාර්ය මණ්ඩලය ඇතුළු පාරිභෝගිකයන්  දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළවල් රැසක් දියත් කර ඇත. කොළඹ  පිහිටි  අති නවීන  අවන්හල් වලින් එකක් ලෙස  සුප්‍රසිද්ධ  සෙමොන්දු  අවන්හලේ සුන්දර ඉටිපහන් ආලෝකයෙන් වර්ණවත්  වූ රාත්‍රියක්  මේ අනුව එදින සංවිධානය කර  තිබුනි. ගුවන් සමාගමේ “ හරිත අංශයේ” සාමාජිකයන්  එදින අවන්හල වෙත පැමිණි පාරිභෝගික පිරිස  හා එක්ව පරිසර  සංරක්ෂණයේ අරමුණු පිළිබඳ  විස්තර කරමින් දැනුම්වත් කිරීමේ පත්‍රිකා සහ වර්ණවත් ඇමුණුම් (tags) බෙදා දීමට කටයුතු  කරන ලදී. 


ශ්‍රී ලංකාවේ  ජාතික  ගුවන් සේවය  වන  ශ්‍රී  ලංකන්  ගුවන් සමාගම  ගෝලීය  ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පරිසර සංරක්ෂණ ව්‍යාපෘති (www.srilankan.com/environment) සඳහා ගෞරවනීය නාමයක් ලෝක ව්‍යාප්තව හිමිකර ගත්  ගුවන් සේවයකි.  ගෝලීය වශයෙන්  ගුණාත්මක රක්ෂණ ප්‍රමිතිය  (prestigious Quality Assurance Standard (QAS) සහ  ගුවන් සමාගමේ  කාබන් විමෝචන අවම  කිරිමේ   වැඩසටහන වන ‘Flygreen’ හි  කාබන් මධ්‍යස්ථ (අවම)  ගුණාත්මක  ලකුණ යන්න  ගුවන් සමාගම විසින්  මෑතකදී ලබාගත් විශේෂ පිළිගැනීම්  වේ.   

2007  වසරේ  සිට  කාබන්  භාවිතය  අවම කිරීම සඳහා ගෝලීය වශයෙන්  වාර්ෂිකව  පැවැත්වීමට කටයුතු  කරන ලද  “මිහිකත  පැය “(www.earthhour.org) මගින්  පරිසර  සංරක්ෂණයේ  වැදගත්කම පිළිබඳ ව  පොදු ජනතාව දැනුම්වත්  කිරීමට කටයුතු  කරන අතර  එය  සොබාදහම  සඳහා වු ලෝක  ව්‍යාප්ත අරමුදල World Wide Fund for Nature (WWF) මගින්  සංවිධානය කෙරේ.  මේ වසරේ දී  ලොව පුරා සුවිශේෂි රටවල් 187ක් ක්‍රියාකාරී ලෙස  මෙම  සංරක්ෂණ  ව්‍යාපෘති  සඳහා  සහභාගී වූ අතර  ලබන 2018  වසරේ  මෙය  මාර්තු 31 වැනිදා  සැමරීමට  නියමිතයි.  


පසුගිය වසරේ   “ ලෝක  මිහිකත  පැය“ සැමරීම  වෙනුවෙන්  ගුවන් සමාගම විසින්  මෙවැනි වැඩසටහනක්  දියත්  කල අතර ඒ අනුව  ගුවන් සමාගමේ ව්‍යාපාර  පංතිය සඳහා වූ සෙරන්ඩිබ්  ගුවන් තොටුපළ  විවේකාගාරයේ  ඉටිපන්දම්  අලෝකයෙන්  වර්ණවත්  වූ රාත්‍රි භෝජන සංග්‍රහයක අපූර්වත්වය විදීමට ගුවන් මගීන්ට හැකියාව  ලැබිනි.  


ශ්‍රීලංකන්  ගුවන් සමාගමේ  අනුබද්ධ  ආයතනයක්  වන ශ්‍රීලංකන්  කේටරින් (SriLankan Catering)  මගින්  සෙමොන්දු අවන්හලේ මෙහෙයුම් කටයුතු සිදුකරයි. එසේම ගුවන් හුවමාරු  නවාතැන් හෝටල් සඳහා  ආහාර පාන ඇතුළු කටුනායක ගුවන් තොටුපළ  විවේකාගාර, මෙන්ම  ගුවන්  තොටුපල වෙත පැමිණෙන  අනෙකුත්  ගුවන්  සේවා සඳහා ආහාර පාන  සැපයීමේ  කාර්යභාරය ද  ශ්‍රීලංකන්  කේටරින්  විසින්    සිදුකරනු  ලබයි.  


ජාත්‍යන්තර  ගුවන්  ප්‍රවාහන සංගමය (International Air Transport Association (IATA) විසින්  ශ්‍රීලංකන්  ගුවන් සමාගම  අනෙකුත්  ගුවන් සේවා අතරින්  පරිසර සංරක්ෂණය වෙනුවෙන්  කැපවීමෙන් යුතුව කටයුතු  කරන ගුවන් සේවාවක් ලෙස  සුවිශේෂී කොට හඳුන්වනු ලබයි. 2009  වසරේ  දී ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියාවේ  ප්‍රථම වරට “මිහිතක  හිතකර ගුවන් ගමන්” (‘Planet Friendly Flights’) හඳුන්වා දීමේ  සාඩම්බර ගුවන් සේවය බවට පත්විය.  එහි මූලික  පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා  කටයුතු  කරනු ලබන්නේ  ගුවන් සමාගමේ  පරිසර කටයුතු  කණ්ඩායම  විසින් වන අතර  එහි කටයුතු  සමායෝජනය  කරනු  ලබන්නේ   පරිසර  උපාය මාර්ගික  සහ අනුකූලතා අංශය වන “හරිත  අංශය’  මගිනි. 


ගුවන් සමාගමක් වශයෙන්  ක්ෂේත්‍රයේ  පරිසර  සංරක්ෂණ   වැඩසටහන් රැසක්  දියත්  කිරීමට ශ්‍රීලංකන්   කටයුතු  කර ඇති අතර  අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය, ගුවන් යානා  හි ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ දැමීම,  පිරිසිදු ශක්තීන් වන  සූර්යබල ශක්තිය සහ ජීව වායු භාවිතය, පරිසර සංරක්ෂණය කිරීම පිළිබඳ ව  පොදු ජනතාව  දැනුම්වත්  කිරීම, මෙන්ම  ජාතික  සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ හරිත ව්‍යාපෘති සඳහා පාර්ශව සම්බන්ධතා ගොඩනැගීම සිදුකර ඇත. මේ අනුව  තල්මසුන්  සහ  ඩොල්ෆින් මසුන්  සංරක්ෂණය කිරීමේ  වැඩපිළිවෙල (Whale & Dolphin Conservation (WDC) සහ ශ්‍රී ලංකා ජෛව විවිධත්වය සහ  IUCN මීට  නිදසුන් වේ. එසේම  නීතිවිරෝධි ලෙස ගෝලීය වනජීවි වෙළෙඳාම  පිටුදැකීම සඳහා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ   ʻUnited for Wildlifeʼ වැඩපිළිවෙළට ද  ගුවන් සමාගම  සක්‍රීයව  දායක වේ.  

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.