• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුපියල් 975කට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් අද සිට ලක් සතොසින්

lanka sathosa2017 3 28උත්සව සමයේ ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් 1515ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් අද (10) සිට ලබන 20 වැනිදා දක්වා රුපියල් 975ක මිලකට සතොස ආයතනය හරහා  අලෙවි කිරීමට පියවර ගන්නා බව  මුදල්  අමාත්‍ය රවී කරුණානායක මහතා  ප්‍රකාශ  කරයි.
පරිප්පු, අල, ලොකු ලූණු, සහල්, හාල්මැස්සන්, සීනි, ටින්මාලු, කෑලි මිරිස්, කඩල සහ කිරිපිටි එම භාණ්ඩ මල්ලට ඇතුළත්වේ.

වැනි  අත්‍යාවශය   ආහාර  ද්‍රව්‍ය මලු  දස  ලක්ෂයක් රටපුරා  බෙදා  හරින බවත්. ඒ  සඳහා  වැයවන  රුපියල්  මිලියන 540ක් වන අතිරේක  මුදල,  මුදල්  අමාත්‍යාංශය මඟින්  දරන  බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව  පැවසුවේ   ඊයේ (9)  රාත්‍රී බොරැල්ල පිහිටි  ලක් සතොස  ආයතනයේ නිරීක්ෂණ   චාරිකාවකට  එක්වීමෙන්   අනතුරුව  මාධ්‍ය  හමුවේ   අදහස්  දක්වමිනි. මෙම නිරික්ෂණ  චාරිකාව සඳහා වෙළඳ හා කර්මාන්ත  අමාත්‍ය රිෂාඩ්   බදුයුදින්   මහතාද එක්ව සිටියේය. 

ලක් සතොස ආයතනය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙ යෑම සඳහා  මුදල්  අමාත්‍යාංශය  හරහා උපරිම  සහාය  ලබාදීමට  පියවර ගන්නා  බවද  රවී කරුණානායක  මහතා එහිදී ප්‍රකාශ කළේය.


මීටත් වඩා භාණ්ඩ මිල අඩු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය දීර්ග කාලීන වැඩපිළිවෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන් වීම යටතේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා” යැයි ද මුදල් අමාත්‍යවරයා පැවැසීය. 


මෙහිදී   අදහස් දැක්වූ  වෙළඳහා කර්මාන්ත  අමාත්‍ය රිෂාඩ්  බදුයුදින්   මහතා කියා  සිටියේ   රටපුරා  ලක්  සතොස  ආයතන ස්ථාපිත කිරිම  මේ වන විට  ඉතා  සාර්ථකව   ක්‍රියාත්මක වන බවයි.  ඒ  අනුව   නව ලක්  සතොස   ආයතන  372ක්  ඉතා  කෙටි  කාලයක්  තුළදී  ආරම්භ කිරීමට  හැකිවූ බවත්   අමාත්‍යවරයා  කියා  සිටියේය.    

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.