• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විසල් දඹුල්ල ජලසම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට

 
Hon Rauf hakim news 20170410විසල් දඹුල්ල ජලසම්පාදන ව්‍යාපෘතිය ඊයේ (09) නගරසැලසුම් සහ ජලසම්පාදන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.
 
මෙම ව්‍යාපෘතිය මගින් දඹුල්ල ප්‍රදේශයේ සහ මාතලේ හා අනුරාධපුර දිස්ත්‍රික්ක වල ජනතාව සඳහා පානීය ජලය සැපයේ. ව්‍යාපෘතිය මගින් ආවරණය වන ප්‍රදේශය වර්ග කිලෝමීටර 1,600ක් වන අතර, ආවරණය වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ප්‍රමාණය 05කි. පුද්ගලයින් 174,000කට පමණ සෙත සැලසෙන මෙම ව්‍යාපෘතිය මගින් නිෂ්පාදනය වන මුළු ජල ධාරිතාවය දිනකට ඝන මීටර 30,000කි.


ජල පවිත්‍රාගාරය, සේවා ජලාශ 07ක් සහ සේවා ජල කුළුණු 02ක හරහා කි.මී 72ක සම්ප්‍රේෂණ නල මාර්ග මගින් ජලය පොම්ප කර කි.මී 220ක නල මාර්ග මගින් ජලය බෙදාහැරේ.


ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 77.8 (රුපියල් මිලියන 10,000) කි. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකා රජය, ඉන්දියානු එක්සිම් බැංකුව සහ මහජන බැංකුව විසින් සිදුකරන ලදි.


මුල් අදියරේ පවිත්‍ර ධාරිතාව දිනකට ඝනමීටර 30,000ක් වන අතර මෙහි ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ ඉබ්බන්කටුව ජලාශයයි. ව්‍යාපෘතියේ සියලු ජල පවිත්‍ර කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුව සිදුකෙරේ.



මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් වසන්ත පෙරේරා, මධ්‍යම පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය සරත් ඒකනායක යන අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති ෂෆීක් රජාබ්දීන් යන මහත්වරුන් ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.