• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සාගර කලාපයේ ආරක්‍ෂාව පිළිබඳ ව ශ්‍රී ලංකාවේ සහය ඉන්දීය විදේශ ඇමතිගේ පැසසුමට

Primeminister
ඉන්දීය සාගර කලාපයේ ආරක්‍ෂාව සහ සංහිදියාව තර කරලීම සඳහා ශ්‍රී ලංකාව දක්වන විචාරශීලී සහය බෙහෙවින්ම අගය කරන බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී එම්. ජේ. අක්බාර් මහතා පැවසීය.
ඊයේ (01) සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හෝටලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ අක්බාර් මහතා මේ බව ප්‍රකාශ කොට ඇත.

2016 ඉන්දීය සාගර සමුළුවේ සාමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉන්දීය පදනම විසින් කළ ආරාධනය පිළිගෙන, ඒ සඳහා සහභාගීවීම සමුළු සංවිධාකයන්ට විශාල ශක්තියක් මෙන්ම, සමුළුවට ආලෝකයක් ද එක් කරලීමට හේතු වූ බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසීය. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික සබඳතා තරමට ම ඉන්දීය සාගරය පිළිබඳ ඓතිහාසික සාධකයන් ද අතිශය වැදගත් බව පෙන්වා දුන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා, සාගර කලාපය පිළිබඳ ගැටලු සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් විසඳාලමින්, අනාගත අභියෝගයන් ජයගැනීමේ එකඟත්වයකට පිවිසීමේ අවශ්‍යතාව අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දියාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායක සහාය ලබා දීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන්දීය විදේශ ලේකම් ජෙයි ශංකර්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් වීරරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්වූහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.