• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඓතිහාසික පොලොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍ය ජනපති ප්‍ර‍ධානත්වයෙන්

He news 2017 4 10ලාංකේය ගොවියා සිය කෙත්බිමෙන් නෙළාගත් අස්වැන්නේ අග්‍ර කොටස ත්‍රිවිධ රත්නයට පූජාකිරීමේ ඉපැරණි චාරිත්‍රයක් වන අලූත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ගල්විහාර පුදබිමේදී ඊයේ (10) පෙරවරුවේ පැවැත්විණි.
 
ඓතිහාසික ගල්විහාර පුදබිමට පැමිණි ජනාධිපතිතුමා, සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශ්‍රී පාද දෝවනය කර පිරිකර පූජාකිරීම ඇතුඑ ආගමික වතාවත් වල නිරතවීමෙන් අනතුරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ලක්ෂ උයන ගම්මානයේ තම කුඹුරෙන් නෙලාගන්නා ලද අස්වැන්නේ අග්‍ර කොටස පූජා කරනු ලැබීය.


අනතුරුව සොළොස්මස්ථානාධිපති අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.


උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍ය පුංචිබණ්ඩාර රත්නායක මහතා ඇතුඑ මහජන නියෝජිතයින් පිරිසක් ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.