• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල දිස්ත්‍රික් මහජන රැකියා සේවා මධ්‍යස්ථානය විවෘත කෙරේ

kegalle news 2017 04 12ආකල්ප වෙනස් වන තුරු රටක සංවර්ධනය කරා ලගා නොවිය හැකි බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. කෑගල්ල දිස්ත්‍රික් මහජන රැකියා සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. 
 
 
‘‘ ආකල්ප සංවර්ධනය නොවීම නිසා අද බහුතරයක් තරුණ පිරිස අතරමං වෙලා. අද රටේ තරුණයින් රැකියා වෙළඳපොළ අවශ්‍ය ආකාරයෙන් හැඩගැසීමක් වන්නෙ නැහැ. බොහෝ දෙනා රාජ්‍ය අංශයේ රැකියා සොයනවා. රජයේ රැකියා පමණයි කියන ආකල්පය  පමණයි අද රැකියා අපේක්ෂිත පිරිසගේ ඹළුවල තියෙන්නෙ. ඒත් මේ වන විට රාජ්‍ය අංශයේ ප්‍රමාණය ඉක්මවා ගිහින්.


අනෙක පෞද්ගලික අංශයේ ප්‍රසාරණය වන රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. කුඩා තනතුරකින් පටන් ගෙන ඉහළ තනතුරුවලට යාමට පෞද්ගලික අංශයේ අවස්ථාව හිමි වෙනවා. රාජ්‍ය අංශයේ එවැනි අවස්ථාවන් සීමිතයි. 


අපේ තරුණ පිරිස ප්‍රථම රැකියාව විශාල වැටුපක් හා ඉහළ නියක් බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් ඒ රැකියාවට තමන්ට මදිකමක් කියලා තමයි ඔවුන් හිතන්නෙ. ඒත් ප්‍රායෝගිකව එවැනි ඉහළ වැටුපක් හා ඉහළ නිලයක් එකවර බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි තමන් දක්ෂ නම්, ඉහළ කැපකිරීමක් තියෙයි නම් කුඩා තනතුරේ සිට වරප්‍රසාද හිමි ඉහළ නිලයක් දක්වා යන්න පුළුවන්. පෞද්ගලික අංශයේ එවැනි උදාහරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ආකල්ප වෙනස නොමැති වීමේන අපේ තරුණ තරුණියන් ජීවිතේ අසාර්ථක කරගන්නවා. ඒත් ධනාත්මක ආකල්ප වෙනසක් මගින් මේ තත්ත්වය මගහරවාගෙන රටත් ඉදිරියට ගෙන යා හැකියි.”


මේ අවස්ථාව සඳහා කම්කරු හා වෘත්තීය සබඳතා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් අබේවර්ධන , මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.ජී.ජේ. ධර්මසේන , කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ආර්.කේ සමන් අනුර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් හා රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් රැසක්ද  සහභාගී වූහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.