• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

He news 2017 04 12 3සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප‍්‍රදායික චාරිත‍්‍රානුකූලව ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවිය.
 
අභ්‍යන්තර වෙළෙඳ කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වරණපාල යන මහත්වරුන් අතින් ජනාධිපතිතුමා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ළිප ගිනි දැල්වීම, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකීරක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත‍්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඇතුළු මැතිඇමතිවරුන් සහභාගී වූහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.