• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර නාථ දේවාලයේ දී

Hisathel gema 2017සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 15 දින පෙ.ව. 11.04 ට යෙදෙන සුභ මොහොතින් මහනුවර නාථ දේවාලයේ දී පැවැත්වෙන බව එහි බස්නායක නිළමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා පවසයි.
 
අස්ගිරි මල්වතු උභය මහ විහාර මහනායක ස්වාමීන් වහන්සේලා දෙනමගේ අනුශාසනා පරිදි හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගාව අභියස නාථ දේවාලයේ දී සිදු කෙරෙන අතර මධ්‍යම පළාත් ආණ්කාර නිලූකා ඒකනායක මහත්මියගේ ඉල්ලීම පරිදී මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දී පැවැත්වේ. මින් ඉදිරියට මෙම උත්සවය මහනුවර දළදා මාලිගාව අභියස නාථ දේවාලයේ දී පැවත්විමට රජය තිරණය කර තිබේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ  ආයුර්වේද දෙපාර්තමේන්තුව උත්සවය සංවිධානය කරන අතර මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගි විමට නියමිතය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.