• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආරක්‍ෂක අංශ සාමාජිකයින් මීතොටුමුල්ල සහන සේවා කටයුතු වල

Army news 2017 04 15සිංහල අලුත් අවුරුදු දින වූ ඊයේ (14) දින පස්වරුවේ මිතොටුමුල්ලේ කුණු කන්ද කඩාවැටීමෙන් ඇතිවූ හදිසි තත්වයක් මත විපතට පත් පිරිස් මුදවා ගැනිම සහ ඔවුන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදා භටපිරිස් කටයුතු කරමින් සිටි.
 
මේ සඳහා බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයට (Security Force Headquarters West - SFHQ-West) අයත් පාබළ හමුදා, ගැමුණු, විජයබාහු සහ කමාන්ඩෝ රෙජිමේන්තු භටපිරිස් යොදවා ඇති බව යුද හමුදා නිල වෙබ්අඩවිය පවසයි.


එයට අමතර ව එහි ඇතිවූ සුළු ගිනි ගැනීම් තත්ත්වය පාලනය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් යොදාගෙන ඇති අතර පුද්ගලයින් මුදා ගැනීම සහ සහන මෙහෙයුම් වෙනුවෙන් පොලිසිය, විශේෂ කාර්ය බලකායට අයත් භට පිරිස් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (Disaster Management Centre - DMC) පිරිස්ද සම්භන්ධව සිටී.


ඊයේ පස්වරුවේ මිතොටුමුල්ල ප්‍රදේශයේ ඇතිවූ මෙම හදිසි තත්ත්වය මත නිවාස සියයකට පමණ අලාභහානි වී ඉන් නිවාස කිහිපයක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර ඇතැම් නිවාස අර්ධ වශයෙන් විනාශ වී ඇත. ප්‍රදේශයේ ආරක්‍ෂාව වෙනුවෙන් විදුලිය බලය විසන්ධි කිරීම නිසා මෙහෙයුම් කටයුතු සඳහා අපහසුතා පැමිණියද භටපිරිස් විපතට පත් අයවලුන් මුදවා ගැනීම සහ සහන සැලසීමේ කටයුතු වල නිරත වෙමින් සිටි.



මෙහිදී අදහස් දැක්වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක, යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසුයේ මේ වනවිට මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයේ ස්ථාපිත කර ඇති තොරතුරු මධ්‍යස්ථානය වෙත එම ප්‍රදේශයේ (විපතට පත් ප්‍රදේශයේ) ජිවත් වූ අයවලුන් පිළිබඳ ව තොරතුරු ලබාදෙන ලෙස ඔවුන්ගේ ඥාතීන් හිතවතුන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.