• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අගමැති සිව්දින නිල සංචාරයක් සඳහා හෙට වියට්නාමයට

Ranil wikramasingheවියට්නාම  අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු ගේ ආරාධනයක් මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ හෙට සිට 19 වනදා දක්වා වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සබදතා තහවුරු කරලීමත් , වෙළද ,ආර්ථික , කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබදතා ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින්  පැවැත්වෙන මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස වියට්නාම් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ  නායකයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.


අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර ,හරීන් ප්‍රනාන්දු , මනෝ ගනේෂන් සහ පාර්ලිමේනතු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ ද එම සංචාරය සදහා එක් වීමට නියමිතයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.