• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

He news 2017 04 15 1චාරිත්‍රානුකූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ශ්‍රී නාථ දේවාල භූමියේ දී අද (15) පෙරවරුවේ පැවැත්විණි. 
 
හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරමින් අද  පෙ.ව 11.04 යෙදුනු සුබ නැකතට අනුව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත හිසතෙල් ගැල්වීම සිදු කළේය.

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද, දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුථ බස්නායක නිළමේවරුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.