• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පත්තිනි දේවාලයේ ඓතිහාසික වැල්බෝධිරාජයාණන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට විවෘත කිරීමට ජනපති එක් වෙයි

He 2017 04 15මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නාථ දේවාල භූමියේ පැවති හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමා එහි පත්තිනි දේවාලයේ ඓතිහාසික වැල්බෝධිරාජයාණන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට විවෘත කිරීම සඳහා ද එක් විය.
ඓතිහාසික පූජනීය වැල්බෝධීරාජයාණන් වහන්සේ සුරක්ෂිත කොට ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර කරනු වස් අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහානායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි, ජයන්ති සිරිසේන මැතිණියගේ සහ  චතුරිකා සිරිසේන මහත්මියගේ දායකත්වයෙන් මෙම අභිනව රන්වැට ඉදිකර තිබේ. 


බෝධින්වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා අනතුරුව අභිනව රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.