• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අලුත් ගෙවතු ලක්ෂ 5ක් සමඟ කෘෂි ගම්මාන 15,500ක්

plant
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන 2016 - 18) යටතේ රටපුරා අලුත් ගෙවතු ලක්ෂ 5ක් හා පලතුරු - කහ - ඉඟුරු ගම්මාන 15,500ක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේ‍කෝන් මහතා පවසයි.
මේ වැඩසටහන යටතේ රට තුළ වැවිය හැකි නමුත් පිටරටින් ගෙන්වන ආහාර භෝග පිටරටින් ගෙන්වීමට යන කෝටි ගණනක මුදල, ඒ ආහාර භෝග මෙරට වවා අපේ ගොවීන්ගේ අතට පත්කිරීමට කටයුතු කෙරේ.

මෙහිදී  දැනටමත් මුංඇට වවන ගොවීන්ට රුපියල් ලක්ෂ 8800ක මුදලක් ලැබී ඇති බවත්, දැන් අපේ රට මුංඇට, කව්පි, උදුවලින් ස්වයංපෝෂිත බවත් රොහාන් විජේකෝන් මහතා පැවසීය.

ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ කෘෂිකර්ම පශු සම්පත් හා ධීවර යන ක්ෂේත්‍ර යටතේ ක්‍රියාවට නංවන බවත්, 2018 දි රට ස්වයංපෝෂිත කිරීම මේ වැඩසටහනේ ප්‍රමුඛතම අරමුණ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.