• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අරණායක යළි ගොඩනැගෙන ජනජීවිතය සොයා බැලේ

kegalle 2017 04 18අරණායක සාමසර කන්ද නාය යාම හේතුවෙන් ආපදාවට පත්වූවන්ගේ සුවදුක් සොයා බැලීම හා ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සංචාරයක් පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහි දී ආපදාවට පත්වූ ජනතාව සඳහා ඉදිකරමින් පවතින නිවාස වල ප්‍රගතිය සොයා බැලූ දිස්ත්‍රික් ලේකම්වරයා ඉදිරි කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය  උපදෙස් ලබා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසුවේ, “ අරණායක සාමසර කන්ද නාය යාම හේතුවෙන් අහිමි වූ ජීවිත හැර අන් සියල්ල ජනතාවට ලබා දීම සඳහා රජය මගින් ක්‍රියාත්මක වැඩසටහන් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. මෙම වැඩසටහන ජනාධිතිතුමන් හා අගමැතිතුමන් ප්‍රමුඛව රටේ සියලු ම දෙනාගේ දායකත්වය හා මගපෙන්වීම ලැබී තිබීම සියලු ම දෙනාට ම ශක්තියක්."


මෙම අවස්ථාවට අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් එම් ෆයිසාල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද ආපදාවෙන් පීඩාවට පත්වූවන්  පිරිසක් ද සහභාගී වූහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.