• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සෞදියේ රැකියා නියුක්තියන්ට නව නීති පද්ධතියක්

foreign bureauසෞදි ආරාබියේ රැකියාවන්හි නිරතවන සියලු ම ශ‍්‍රමිකයන් සඳහා නව නීති පද්ධතියක් මේ මස සිට හඳුන්වා දී ඇතැයි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

යම් ශ්‍රමිකයෙක් තම සේවා ස්ථානයෙන් පැනගියහොත් නව නීති අනුව රුපියල් ලක්ෂ හතරක මුදලක් ගෙවීමට සිදුවන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ශ‍්‍රමිකයන් තම රැකියා ස්ථානයෙන් පැනගිය අවස්ථාවකදී ඒ පිළිබඳව සේවය කළ ආයතනය හෝ හාම්පුතා විසින් එරට පොලිසියට පැමිණිල්ලක් කර තිබුනහොත් අදාළ ශ්‍රමිකයා යළි දිවයිනට පැමීණිමේදී අවශ්‍ය පිටවීමේ අවසර පත‍්‍රය ලබා ගැනීමේදී අදාළ දඩ මුදල ගෙවීමට සිදුවන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව සෞදි රියාල් 10,000ක මුදලක් ආසන්න වශයෙන් රුපියල් 387.000ක දඩ මුදලක් පිටවීමේ අවසර පත‍්‍රය ඉල්ලූම් කරන අවස්ථවේදී ගෙවීමට සිදු වේ.සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් මේ නීතිය ප‍්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව එරට සේවය කරන සියලු ම ශ‍්‍රමිකයන්ට මෙය වලංගු බව එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි.

එසේම නේවාසික බලපත‍්‍රය කල් ඉකුත් වී ඇති අවස්ථාවකදී වුවද පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති විටකදී, එරටින් පිටවීමේ අවසර පත‍්‍රය ඉල්ලූම් කිරීමේදී, රියාල් 10.000 ක දඩ මුදලක් ගෙවිය යුතුය. මෙයට අමතර ව සංචාරක වීසා මත රැකියා සඳහා එරටට නීති විරෝධීව පැමිණි ශ‍්‍රමිකයන් ද, වීසා කාලය අවසන් වී තවදුරටත් රැදී සිටීනම් රැදී සිටි දින ගණන් ප්‍රමාණයට අයකරන දඩ මුදල් ප්‍රමාණයද ගෙවිය යුතුය.

සෞදි ආරාබියේ සේවය කරන සියලු ම විදේශීය ශ‍්‍රමිකයන් විසින් මේ නව නීති අනුව කටයුතු කිරීම අනිවාර්ය බවද, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් උපදෙස් දී තිබේ. එබැවින් කිසිවිටක තම සේවා ස්ථාන වලින් පැන නොයන ලෙසත් සංචාරක වීසා මත රැකියා සඳහා විදේශ ගත නොවන ලෙසට හා රැකියා බලපත‍්‍ර කාලය ඉක්මවා සේවයේ නොයෙදෙන ලෙසටත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සෞදි ආරාබියේ සේවය කරන ශ‍්‍රමිකයන් හා රැකියා සඳහා එරටට යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා ශ‍්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටී.මෙය සෞදි ආරාබි රජය විසින් පැනවූ නීතියක් වන අතර එරට සේවය කරන සියලු ම විදේශ ශ‍්‍රමිකයන්ට බලපාන අතර එය 2016 සැප්තැම්බර් මස සිට කි‍්‍රයාත්මක බවද කාර්යාංශය සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.