• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වියට්නාම් සමාජවාදී ජනරජයේ හමුදා උත්තමාචාරය

PM news 2017 04 18ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වියට්නාම් සමාජවාදී ජනරජයේ හමුදා උත්තමාචාරය ඊයේ (17) වන දා පෙරවරුවේ හැනොයි නුවර ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී පැවැත්විණි.
 
ජනාධිපති මන්දිර පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගන්නා ලද්දේ වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතා සහ ට්‍රැන් ති ගුයෙට් (Tran Thi Nguyet) මහත්මිය විසිනි. 

කුඩා දරු දෙපලක් විසින් මල් කළඹ පිළිගැන්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය ෂුඑන් ෆු මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාතවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවා ගෙන යන ලදී.

දෙරටේ ජාතික ගී වාදනය කිරීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කළේය. 

වියට්නාම් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස හඳුන්වා දෙනු ලැබූයේ ඉන් පසුවය.

නැවතත් විශේෂ පීඨිකාව වෙත කැඳවා ගෙන යනු ලැබීමෙන් පසුව, හමුදා ගෞරවාචාරය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්විණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.