• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී පාද වන්දනා වාරය සමාප්ත වේ

sripadhaya2017ශ්‍රී පාද වන්දනා වාරය 2016/2017  සමාප්තිය සනිටුහන් කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව රැගත් මහා රිය පෙරහැර අති උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තවෙල ශ්‍රී පාද රජමහ විහාරස්ථානය වෙත වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුව වැඩම කරවීමට නියමිතය.
 
ඵබැවින් පෙරහැර සංවිධානය හා පූජා පැවැත්වීමේ කටයුතු සංවිධානය කර ගැනීම සඳහා වන සාකච්ඡාවක් මේ මස (24) ප.ව.2.00 ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ කැඳවීමෙන් ශ්‍රී පාදස්ථානාධිපති අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඵ්කකය පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.