• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රණවිරු දිනය වෙනුවෙන් හමුදා පෙළපාළි වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුබසිද්ධිය මූලික කරගත යුතුයි

rejinold kure2017මැයි මස 08 වන දිනට යෙදෙන රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත කේන්ද්‍රකර ගනිමින් යාපනය නගරයේ අපිරිසිදු වී ඇති ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. 
ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ, ඊයේ (18) ආණ්ඩුකාරවර කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා යාපනය නගරය මේවන විට සම්පූර්ණයෙන් අපිරිසිදු තත්ත්වයක පවතින බැවින් ආණ්ඩුකාර කාර්යාලය මැදිහත් වීමෙන් අපිරිසිදු වූ සියලූ ස්ථාන පිරිසිදු කරන බවත්, හමුදා පෙලපාළි, වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුබසිද්ධිය මූලික කරගත යුතු බව ප‍්‍රකාශ කළ අතර මැයි මස 07 වැනි දින යාපනය නගරයේ සියලූම ඇළ මාර්ග, පොකුණු සහ ජලය රැඳී පවතින ස්ථාන සුද්ධ පවිත‍්‍ර කිරීමට කටයුතු කරන බවද ප‍ැවසීය.

මෙම කටයුත්ත සඳහා යාපනය මහ නගර සභාව, නාවික හමුදාව, යුධ හමුදාව විශේෂ කාර්යය භාරයක් ඉටුකරන අතර යුධ හමුදාව මගින් අවශ්‍ය ශ‍්‍රම දායකත්වය ලබාදෙන අතර නාවික හමුදාව මගින් අවශ්‍ය බෝට්ටු ලබාදෙනු ලබයි. සියලු ම රජයේ ආයතන මේ සඳහා විශේෂ සහයෝගයක් ලබාදෙන අතර ප‍්‍රදේශය පුරා මාර්ග දෙපස පවිත‍්‍ර කිරීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ලබා ගනිමින් බාලදක්ෂ කණ්ඩායම් යෙදවීමට කටයුතු සූදානම් කර ඇත.

රණවිරු දිනය නිමිත්තෙන් හමුදා ස්මරණ උත්සවය මැයි මස 08 වැනි දින පලාලි ප‍්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර රණවිරු දිනය වෙනුවෙන් කයිතඩි ප‍්‍රදේශයේ පිහිටා ඇති වැඩිහිටි නිවාසයට හා ළමා නිවාසයට ආහාර වේලක් ලබාදීමටත් යාපනය ප‍්‍රදේශයේ පවිත‍්‍ර කිරීමේ කටයුතු සඳහා පැමිණෙන සියලූ දෙනාටම ආහාරපාන ලබාදීමටත් ආණ්ඩුකාර කාර්යාලය පියවර ගෙන ඇත. 

සීඝ‍්‍රයෙන් වර්ධනය වන ඩෙංගු වසංගතය තුරන් කිරීමට මෙම වැඩපිළිවෙළ මහත් පිටිවහලක් වන බව ප‍්‍රකාශ කළ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මැයි මස 09 වැනි දින යාපනය මහ රෝහලේ ලේ දන්දීමේ ව්‍යාපාරයක්ද සිදු කරන බව ප‍ැවසීය.

දේශපාලන භේදයකින් තොරව මෙම කටයුත්තට පැමිණෙන සියලූ දෙනා එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීමට අත්වැල් බැඳ ගන්නා ලෙස සියලූ දෙනාට ම පොදු ආරාධනයක් කළ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ආරායින්කුලම් ප‍්‍රදේශයේ ඇවිදින මංතීරුවක් සකස් කිරීමටද යෝජනා කරන ලදී.

මීට අමතර ව උතුරු පළාතේ අඩු ආදායම්ලාභි පවුල් දහසක් තෝරාගෙන එම පවුල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන් සඳහා පාසල් පොත් සහ පාසල් බෑග් සහ ඉගෙනීමට අවශ්‍ය උපකරණ දරු දැරියන් වෙත ලබාදීමට පියවර ගත් ආණ්ඩුකාරවරයා ලැබූවාවු සිංහල දෙමළ අලූත් අවුරුද්ද සියලූ දෙනාට ම සාමය, සතුට හා සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවායි ප‍්‍රාර්ථනා කළේය.

මෙම අවස්ථාවට චන්ද්‍රිකා කුරේ මහත්මිය, ආණ්ඩුකාර ලේකම් එල්. ඉලංගෝවන් සහ ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් ජේ. එම්. සෝමසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.  

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.