• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොලොන්නරු දිස්ත‍්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනපති ප‍්‍රධානත්වයෙන්

He2017පොලොන්නරු දිස්ත‍්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ‍්‍රවණාගාරයේ දී ඊයේ (18) පෙරවරුවේ පැවැත්විණි.
පොලොන්නරු දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ ඉදිරි ක‍්‍රියාමාර්ගයන් පිළිබඳ ව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්විය.

එමෙන්ම ඉදිරි සංවර්ධන කටයුතු සිදුකරගෙන යාම සඳහා ගැටලු මතුවී ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයක් යොමු වූ අතර සංවර්ධනයේ ප‍්‍රමුඛතා හඳුනාගෙන සැමට සාධාරණත්වය තුළින් දුප්පත්කම තුරන් කිරීම, සියලු සංවර්ධන ව්‍යාපෘතිවල අරමුණ විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේදී භෞතික සම්පත් සංවර්ධනය පමණක් නොව මානව සම්පත් සංවර්ධනය තුළින් ආදායම් වර්ධනය කර ගැනීමට ඉඩ ප‍්‍රස්තාව ලබාදීම කෙරෙහි ද ජනාධිපතිතුමා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතු සිදුවන ආකාරය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා, සංවර්ධනය මුවාවෙන් වගාකිරීම් නවතා තිබූ ගොවිබිම් නැවත වගා කිරීමට අවශ්‍ය කටයුතු සකසන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කදුරුවෙල නගරයේ සංවර්ධන කටයුතු ද සොයා බැලූ ජනාධිපතිතුමා පොලොන්නරුව නගරයේ ඉදිකෙරෙමින් පවතින පොළ භූමිය ද නිරීක්ෂණයට ලක් කළේය. එම ඉදිකිරීම් කටයුතු කඩිනම් කර ඉලක්කගත දිනයන්වලදීම පොළ භූමිය ජනතා පරිහරණයට ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා වැඩි දුරටත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අවස්ථාවට පොලොන්නරු ගල්විහාර භාරකාර පූජ්‍ය කන්දකැටියේ අත්ථදස්සී ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පා.ම සිඩ්නි ජයරත්න, පා.ම නාලක කොළොන්නේ යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ද පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.