• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු පනතට ජගත් මහලේකම්වරයාගේ ප්‍රසාදය

UN Chief apprised on RTI Actමෙරට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගැනීම සහ එහි ඉදිරි කටයුතු ‍පිළිබඳව ප්‍රසාදය පළ කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැං කී මූන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත සහ ඉදිරි කටයුතු පිළිබඳව ජගත් මහලේකම්වරයා දැනුවත් කළ අවස්ථාවේදීය.

 තමා ශ්‍රී ලංකාවෙන් පිටව යන්නේ මහත් ප්‍රීතියකින් බවත් නව රජයේ කටයුතු පිළිබඳව තමා දැඩි ලෙස සෑහීමකට පත්වන බවත් ජගත් මහලේකම්වරයා අමාත්‍යවරයාට ප්‍රකාශ කළේය.මෙහිදී ශ්‍රී ලංකාවේ දැනට සැලසුම් කරමින් පවතින ස්වාධීන මාධ්‍ය කොමිෂම ඇතුළු මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ජගත් මහලේකම්වරයා දැනුවත් කළේය. 

ජගත් මහලේකම්වරයාගේ දෙදින නිල සංචාරය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සකස් කරන ලද ඡායාරූප  ඇල්බමය ද මෙහිදී අමාත්‍යවරයා ජගත් මහලේකම්වරයා වෙත පිළිගැන්වීය.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.හිල්මි‍ මොහමඩ් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.