• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඡායාරූපකරණයෙන් අන්තර්ජාතික රන් සම්මාන ත්‍රිත්වයක් ලබාගනී

yamuniප්‍රවෘත්ති ඡායාරූප ශිල්පිණියක වන ඡායාරූප කලාවේදී යමුනී රශ්මිකා පෙරේරා ජාත්‍යන්තර EXHIBITION MYSTIC 2017 ඡායාරූප තරගයෙන් ජාත්‍යන්තරයේ ඇගයීමට පාත්‍රා වූ FIAPරන් සම්මාන දෙකකකින් සහ PSA රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූවාය.

2nd International Photo Competition and EXHIBITION MYSTIC 2017 Balkan-Serbia තරගාවලියට ඇය විසින් ඉදිරිපත් කළ නිර්මාණ සඳහා මෙම විශිෂ්ට ජයග්‍රහණ හිමි වී තිබේ.

ජාත්‍යන්තර ඡායාරූප තරග සහ ප්‍රදර්ශන රැසක සිය ඡායාරූප ජයග්‍රහණය කර තිබෙන යමුනී රශ්මිකා මේ වනවිට රන් පදක්කම් රැසක් රිදී පදක්කම් රැසක් ලෝකඩ පදක්කම් රැසක් මෙන්ම ගෞර සම්මාන රැසක් ලබා ඇත්තේය.

මෙවර 2nd International Photo Competition and EXHIBITION MYSTIC 2017 තරගාවලියෙන් ජය ලබාගෙන ඇත්තේ ඇය විසින් ඉදිරිපත් කළ Contrast section - Gold PSA Fathers love, Photo Journalism – Open - Gold FIAP Last Moment, Photo Travel – Open - Gold FIAP Life Jump යන ඡයාරූප එකතුවටයි.

අන්තර්ජාතික ඡායාරූප තරගයකින් එකවර රන් සම්මාන ත්‍රිත්වයක් ජයගත් ශ්‍රී ලංකාවේ පළමු ඡායාරූපකාලවේදිනිය වන්නේ ද යමුනී රශ්මිකා පෙරේරා ය. ඇය ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයෙන් පිදෙන FIAPසම්මානය හිමිකරගත් පළමු ශ්‍රී ලාංකික කාන්තා ඡායාරූප ශිල්පිණිය ද වන්නීය. යමුනී රශ්මිකා පෙරේරා ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවක් ද  වන අතර ඇය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.