• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මිතොටුමුල්ල විපතටපත් පිරිස් වෙනුවෙන් සහන මෙහෙයුම් තවදුරටත්

defence news2කුණුකන්ද කඩාවැටීමෙන් විපතටපත් කොලොන්නාව මීතොටුමුල්ල ජනතාව වෙනුවෙන් ගලවාගැනීමේ සහ පහසුකම් සැලසීම මෙහෙයුම් නොකඩවා සිව්වන දිනටත් ආරක්‍ෂක අංශ විසින් සිදුකරනු ලබයි.
 
 
 
ජනාධිපති තුමන්ගේ උපදෙස් මත රාජ්‍ය නිලධාරින් ආරක්‍ෂක අංශ සාමාජිකයින් සමඟ මෙම නායයාමේ ව්‍යසනය පිළිබඳ ව පූර්ණ තක්සේරු වාර්තාවක් සැකසීමේ සහ අනාගතයේදී මෙවැනි ඛේදවාචකයක් ඇතිවීමේ හැකියාව හෝ ඇතිවියහැකි අනාගත තර්ජන පිළිබඳ ව වාර්තාවක් සැකසීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

රාජ්‍ය නිලධාරින්, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් ( Disaster Management Centre – DMC ), මැනුම් දෙපාර්තමේන්තුවේ නිළධාරින්, ප්‍රාදේශිය ලේකම් වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා පිඨයේ නියෝජිතයින්, භූ විද්‍යා පර්යේෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරින් (Department of Geological Research), ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (National Building Research Organization - NBRO) වෘත්තිකයන් සහ, අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි වෘත්තීයවේදීන්, කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ පූර්ණ සම්බන්ධිකරණයද ඇති ව මෙම සමීක්‍ෂණය කරගෙන යාමට ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේද සහයෝගය ඇතිව ජනපතිතුමන්ගේ උපදෙස් මත සම්බන්ධව සිටි.

ඒ අනුව විපතට පත් වූ ප්‍රදේශය පිළිබඳ ව නිරීක්‍ෂණය කිරිමෙන් අනතුරුව බලධාරීන් විසින් එය ‘අනතුරුදායක කළාපයක්’( “Danger Zone”) ලෙස සලකා ඒ අසල ජිවත්වන පවුල් 130ක් වෙනත් ස්ථානයක පදිංචි කරවන ලෙස නිර්දේශ කිරීම ද මෙහිදි සිදුකොට ඇත.

මේ වන විට විපතට පත්ව නිවාස අහිමිවූ කොලොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා මහා විද්‍යාලයේ තාවකාලිව රඳවා ඇති අතර ඔවුන් වෙනුවෙන් පිරිසිඳු පානිය ජලය සනීපාරක්‍ෂක පහසුකම් ඇතුළු අනෙකුත් මුලික අවශ්‍යතා සහ පහසුකම් ලබාදීම රජයේ මැදිහත්වීම මත සිදුකරනු ලබයි. ප්‍රදේශවාසින් ග්‍රාමසේවා නිලධාරින් ගේ ද සහය ඇති ව තොරතුරු එකතුකිරීම සහ ලබාදීම වෙනුවෙන් විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කොටඇත. මේ වනවිට 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ අණදීම යටතේ 14 වන සේනාංකයේ භට පිරිස් මෙම ගලවාගැනීම් සහ සහන ක්‍රියාමාර්ග වෙනුවෙන් යොදවා ඇති අතර, යුද්ධ හමුදා රෝහලේ ගිලන් රථ සමඟින් වෛද්‍ය කණ්ඩායම් දෙකක් පැය 24 පූරා ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් වෛද්‍ය පහසුකමි සැපයීමට ස්ථානගත කර ඇත.

14 වැනිදා පස්වරුවේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් නාගහමුල්ල, දහම්පුර, නීලගේවත්ත සහ විසිතුනේවත්ත යන ප්‍රදේශවාසීන් මෙහිදි විපතට පත් වී ඇති අතර, කාන්තාවන් 13ක් සහ හඳුනානොගත් අයෙකු ද ඇතුලුව මරණ 28ක් මේ වන විට වාර්තා වී ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.