• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෘෂි බක්මහ උළෙල අපේගම පරිශ්‍රයේදී 20 වන දා

newyearහෙළ සිරිතට මුල්තැන දෙමින් ජනක්‍රීඩා, සංස්කෘතිකාංග ඇතුළු විනෝද ක්‍රීඩා රැසක් සමඟින් ‘කෘෂි බක්මහ උළෙල’ මේ  මස (20)  දවස පුරා අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වේ.
 
 
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, අමාත්‍යාංශ ලේකම් බී. විජයරත්න, අමාත්‍යාංශ රාජ්‍ය ලේකම් ඩී.වී. බන්දුලසේන යන මහත්වරුන් ඇතුළු මැතිඇමතිවරු හා කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වේ.
 
 
 
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සුබසාධක සංගමයේ සංවිධායකත්වයෙන් අමාත්‍යාංශයේ සියලු ම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම බක්මහ උළෙල ගම හරහා දිවීම, කනාමුට්ටි බිඳීම, ජන ගායනා, කෘෂි බක්මහ කුමරා සහ කුමරිය, සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය ආදී තරග ඉසව් රැසකින් සමන්විත වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.