• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“දියකාවා’ යුද අභ්‍යාසය 2016 කෝකිලායි හිදී ආරම්භවේ

Cormorant Strike VII begins 20160905 02p1ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් වාර්ෂිකව සංවිධානය කරන ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ‘දියකාවා යුද අභ්‍යාසය - අදියර VII – 2016” (Field Training Exercise – FTX, 'Exercise - Cormorant Strike VII – 2016”) ඊයේ දින (සැප් 04) නැගෙනහිර වෙරළ තීරයේ කෝකිලායි හිදී ආරම්භ විය.

මේ පිළිබඳව වූ සුදානම් රැස්වීම මින්නේරියෙහි පිහිටි මෙහෙයුම් මුලස්ථානයේදී සංවිධානය කර තිබූ අතර ඒ සඳහා විදේශීය හමුදා සාමාජිකයින් 58 දෙනෙක් ද ඇතුළුව යුධ, නාවික ගුවන් හමුදා නිලධාරීන් සහ සෙබළුන් 3458 ක් සහභාගි වුහ.

යුධ හමුදා නිල වෙබ් අඩවිය පවසන අන්දමට මෙවර 2016 “දියකාවා” VIIවැනි අදියර සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබළුන් විශාල පිරිසක් සහිතව පාබල සෙබළුන් 2500ක්, නාවික හමුදාව නියෝජනය කරමින් 638ක් සහ සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් 506 දෙනෙක් සහභාග වන අතර බංගලාදේශය, චීනය, ඉන්දියාව, ජපානය, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ එක්සත් රාජධානිය යන රටවල් නියෝජනය කරමින් 58 දෙනෙකු අභ්‍යාසයට සහභාග වීමට මෙන්ම නිරීක්‍ෂණ මට්ටමින් සහභාගි වේ.

උපකල්පිත තත්ත්වයන් මත පදනම්ව සහ පුහුණු අරමුණු සාක්‍ෂාත් කර ගැනීම කෙරෙහි අවධානය යොමුකරමින් මෙම වසරේ ‘දියකාවා යුද අභ්‍යාසයෙහි’ අභ්‍යාස මුර සංචාරයන්, වනගත ක්‍රියාකාරකම්, පිරික්සුම් සහ නිරීක්‍ෂණය, වැටලීම්, සැඟව සිට පහරදීම, මුදවාගැනීම්, අවහිර කිරිම්, සැගවී වෙඩිතැබිම්, නාගරික සටන් සහ ආපදා සහන ක්‍රියාකාරකම් ආදී විවිධ සටන් ක්‍රම මෙන්ම ක්‍රමෝපායන් ද පුහුණුව හරහා දියත් කිරීමට නියමිතය. යුධ අභ්‍යාසයේ අවසන් ප්‍රදර්ශනාත්මක පහර දීම (Final Attack) සැප්තැම්බර් 24 දින ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුල්මුඩේ ප්‍රදේශයට දකුණින් පිහිටි යාන්ඔය, අරිසිමලේ පැවැත්වෙන අතර, පසුදින (සැප්. 25) පවත්වන සමාප්ති උත්සවයෙන් (Closing Ceramony) අවසන්වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.