• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලි තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති අවසන් ගෞරව

He news 2017 04 19අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලි තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.
 
කොළඹ 9, දෙමටගොඩ, බේස්ලයින් පාරේ නාගදීප ශාඛා විහාරයේ තැන්පත් කර ඇති ශ්‍රී දේහයට ජනාධිපතිතුමා මෙලෙස අවසන් ගෞරව දැක්වීය.

වර්තමාන භික්ෂු පරපුරට මහගු ආදර්ශයක් වූ සුපේෂල, ශික්ෂාකාමී තෙරනමක් වන පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලි තිස්ස නාහිමිපාණන් වහන්සේ වසර අසූ දෙකක් ආයු වළදා ඊයේ (18)  අපවත් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.