• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදේශීය මත්පැන් බෝතල් 182ක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට

Navy news20170420නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (19) කුරුදුවත්ත ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 182ක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
 
මොවුන් බලපත්‍ර රහිතව, නීති විරොධී ලෙස ‍මෝටර් රථයක් මගින් මෙම මත්පැන් බෝතල් තොගය ප්‍රවාහනය කරමින් සිටි අතර, එම පුද්ගලයන්, මෝටර් රථය සහ මත්පැන් බෝතල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදාන පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.