• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුවන්පුර දිස්ත්‍රික් රූපලාවන්‍ය ශිල්පීන් සංවිධානය කරන බක්මහ සැණකෙළියක්

sri lanka new year 2017 0420රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට අනුබද්ධව වසර 20ක සිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන රුවන්පුර දිස්ත්‍රික් රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන බක්මහ සැණකෙළිය සහ පැදුරු සාජ්ජය මේ මස 28 වනදා පැවැත්වේ.
 
 
රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය එදින  දවස පුරා රත්නපුර නිලානි බංගලා පරිශ්‍රයේදී පැවැත්වේ.
 
 
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම, කුඩා ව්‍යපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සූධීර ජයරත්න, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ඵච්.ඵ්.ඩී.කුමාරරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත වේ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.