• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික වෙසක් උත්සවයට සූදානම් වන වට්ටාරම

Wattarama 2017 222017 ජාතික වෙසක් උත්සවය කෑගල්ල වට්ටාරම විහාරස්ථානය කේන්ද්‍රව පැවැත්වීමට අවශ්‍ය සියලු ම කටයුතු  මේ වන විට කඩිනමින් සංවිධානය කෙරෙමින් පවතී. මැයි මස 7 වන දින සිට 12 වන දින දක්වා වෙසක් සතියේ පිංකම් පැවැත්වෙන අතර මැයි මස 9 වෙනි දින ප්‍රධාන උත්සවය පැවැත්වේ.
 
 
ත්‍රෛයිනිකායික මහ නාමිහිවරු ඇතුළු මහා සංඝරත්නය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දෙස් විදෙස් ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් ප්‍රධාන උත්සවය මැයි 9 දින පස්වරුවේ දී පැවැත් වේ. 

ජාතික වෙසක් උත්සවය පැවැත්වීම නිමිත්තෙන් මේ දිනවල වට්ටාරම රජමහා විහාරයේ යටිතල පහසුකම් ඇතුළු සංවර්ධන කටයුතු  සිදු කෙරෙයි.

ඒ අතරින් දෙදහසකට පමණ එකවර සිටිය හැකි ධර්ම ශාලාවේ කටයුතු කඩිනමින් යුධ හමුදාව විසින් මේ වනවිට අවසන් කරමින් පවතී. පැරණි පොත්ගුල ද පුරා විද්‍යා දෙපාර්මේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කරනු ලබයි. විහාර භූමියේ අභ්‍යන්තර මාර්ග සංවර්ධනයට පියවර ගෙන ඇති අතර,  මේ වන විට විහාරස්ථානයේ සිට චෛත්‍ය දක්වා ඇති මාර්ග කුට්ටි ගල අතුරා සංවර්ධනය කර තිබෙයි. මීට සමාන්තරව කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ දේවාලේගම සිට කරදන පාලම දක්වා කොටස කාපට් අතුරා සංවර්ධන කර ඇති අතර, විහාරස්ථානය අසල රථ ගාලේ ඉදිකිරීම් ද සිදු කෙරෙමින් පවතී.

වෙසක් සතිය තුළ විහාරස්ථානය කේන්ද්‍ර  කොට ගෙන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරයේ භාරකාර වෑවල සමිත හිමියෝ පවසති.
 
 
Wattarama 2017 2
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Wattarama 2017 04 20
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Wattarama 2017 11

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.