• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වව්නියාව උතුර සහ චෙන්ගච්චෙඩිකුලම් ප්‍රදේශීය ජනතා සේවාවන් 22 සහ 23 දා

Wajira abeygunawaradhana2017ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන වව්නියාව දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ ප්‍රදේශීය ජනතා සේවාවන් දෙකක් මේ මස 22 සහ 23 වන දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වන්නි දිස්ත්‍රික් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
 
 
ඒ අනුව මේ මස 22 වන දින පෙ.ව.8.00 ට වව්නියාව උතුර, ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය වව්නියාව උතුර, නැදුන්කර්නි මහා විද්‍යාලයේදී පැවැත්වෙන අතර  චෙන්ගච්චෙඩිකුලම් ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය මේ මස 23 වන දින පෙ.ව.8.00 ට  චෙන්ගච්චෙඩිකුලම්, චෙට්ටිකුලම් මහා විද්‍යාලයේදී  පැවැත්වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා සේවයේ පළමු සහ දෙවන වැඩසටහන් පොළොන්නරුව හා ගාල්ල දිස්ත්‍රික්කයේදී ඉතා සාර්ථකව අවසන් විය.

නිල මෙහෙවර ජනතා සේවයේ 3,4,5,6 සහ 7 වැනි වැඩසටහන් කුරුණෑගල, මන්නාරම, මුලතිව්, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පැවැත්වීමට ජනාධිපතිවරයා  විසින් ගාල්ල නිල මෙහෙවර ජනතා සේවයේ සමාප්ති උත්සවයේදී ප්‍රකාශ කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.