• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොරියානු භාෂා විභාගයට දින නියම කෙරේ

Flag of South Koreaදකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2017 වර්ෂයට අදාළ ව, ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණය මේ මස (27) දින ආරම්භ වීමට නියමිතය. 
 
මෙවර පරීක්‍ෂණය පරිගණක ආශ‍්‍රයෙන් පමණක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව එක් එක් විභාග අපේක්‍ෂකයින් හට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk වෙබ් අඩවිය මගින් දැනගත හැකිය.


අප්‍රේල් මස 27 දින ආරම්භ වන මෙවර විභාගය එදින සිට මාස 4ක්, අංක 205, දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. දිනකට සැසි 4ක් බැගින් පැවැත්වීමට නියමිත අතර, එක් දිනකට අපේක්‍ෂකයින් 320ක පමණ ප‍්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.  

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 22888 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් 16431ක් නිෂ්පාදන අංශය සඳහා විභාගයට පෙනීසිටින අතර, 6457 දෙනෙකු ධීවර අංශයේ විභාගය සඳහා පෙනි සිටියි. 


විභාගය සඳහා පෙනී සිටින අයඳුම්කරුවන් විදේශ ගමන් බලපත‍්‍රය හා විභාග අයඳුම්පත් ලබාගැනීමේදී ඔවුන්ට ලබාදුන් ඡායාරූපය ඇතුළත් විභාග අයඳුම්පත් කොටස රැගෙන ඒම අනිවාර්ය වේ. 


අයඳුම්කරුවන්ට තමන්ට නියමිත දිනය හැර වෙනත් දිනයක් පරීක්‍ෂණය සඳහා ලබා දෙනු නොලැබේ. විභාගය ආරම්භයට පැය දෙකකට පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණීම අනිවාර්ය වන අතර, කිසිදු සන්නිවේදන උපකරණයක්, විද්‍යුත් උපකරණයක් විභාග ශාලාවට රැගෙන යාමට අවසර ලබා නොදේ. විභාග වංචා වැළැක්වීම සඳහා විභාග මධ්‍යස්ථානයෙහි CCTV කැමරා පද්ධති සවිකොට ඇති අතර, අවිනීතිව හැසිරීම, වංචනික ක්‍රියාවක් සිදුකිරීමට උත්සහ ගැනීම වැනි ක්‍රියාවන් සිදුකළ බව හසු වුවහොත් වසර දෙකක විභාග තහනමකට ලක්විය හැක. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.