• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ විදේශ රැකියා නියෝජිතවරයෙක් අත්අඩංගුවට

shicels2017සීෂේල්ස් රාජ්‍යයේ රැකියා දෙන බව පවසා පුද්ගලයින් මුලා කොට කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
 
කඩවත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම විදේශ රැකියා ආයතනය සීෂේල්ස් රාජ්‍යයේ හෝටල් ක්ෂේත‍්‍රයේ රැකියා දෙන බව පවසමින් පුවත්පත් දැන්වීමක් පල කර ඇති අතර, ඒ අනුව රැකියා අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයින්ගෙන් මූලික ගෙවීම් ලෙස රුපියල් ලක්ෂයට ආසන්න මුදලක් ලබාගෙන තිබේ.


2016 වසරේ අගෝස්තු මස සිට 2017 පෙබරවාරි මස වන තුරු මෙම විදේශ රැකියා ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ එහි කළමණාකරු ලෙස පෙනී සිටින නිහාල් රණසිංහ නැමැති පුද්ගලයා වන අතර, ඉන් පසු හදිසියේ මෙම විදේශ රැකියා නියෝජිත ආයතනය වසා දැමීම හේතුවෙන් පුද්ගලයින්ගෙන් පැමිණිලි ලැබී තිබේ. එම නිසා වහාම ක්‍රියාත්මක වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂන අංශය විසින් වලස්මුල්ල ප‍්‍රදේශයේදී නිහාල් රණසිංහ නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී. මේ සමඟ ගමන් බලපත‍්‍ර 200 කට ආසන්න ප‍්‍රමාණයක් සහ විදේශ රැකියා සඳහා අවශ්‍ය ලියකියවිලි විමර්ශන නිලධාරීන් බාරයට ගන්නා ලදි. එසේම එම විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත‍්‍රය අසාදු ලේඛන ගත කොට ඇත.


ඒ අනුව විදේශයන්හි රැකියා දෙන බව පවසා පුද්ගලයින් මුලා කොට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කිරීම හේතුවෙන් වැරදිකරු වීම හේතුවෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර, අද (21) දිනයේදී මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 


මෙම රැකියා නියෝජිත ආයතනයේ බලපත‍්‍රලාභියා මේ වන විට සිරගත කොට ඇති අතර, ඒ නේපාලයේ රැකියා ඇනවුම් පිළිබඳ කටයුත්තකට නේපාලයට ගොස් සිටියදී 2016 වසරේදී සිදුවූ රිය අනතුරකට වැරදිකරුවෙකු වීම හේතුවෙනි. 


මෙම වැටලීම කාර්යාංශයේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ සහ, විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකරු සහකාර පොලිස් අධිකාරී අර්ජුන මාහින්කන්ද මහතාගේ උපදෙස් පරිදි, පොලිස් පරීක්ෂක එම්.ඒ.එස්.ජේ අබේධීර, පොලිස් පරීක්ෂක ඩබ්.ඒ  බාලසූරිය, එස්.ජේ.පී රවීන්ද්‍ර සහ කාර්යංශ නිලධාරී කිත්සිරි අමරනාත් එක් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.