• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දීය අගමැති වතුකරයේ ජනතාව ඇමතීමට සූදානම්

Hon Digambaran2017මෙරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයට සහභාගීවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා මෙරට වෙසෙන වතුකරයේ ජනතාව අමතා අදහස් ප්‍රකාශ කිරීමට නියමිතයි.
 
 
 
ඒ සඳහා දමිළ ප්‍රගතිශීලී සංධානය විසින් ලබන 12 වන දින හැටන් නෝවුඩ් ක්‍රීඩාංගණයේදී ජනහමුවක් සූදානම් කර තිබෙනවා. එය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රථම සාකච්ඡාව නෝවුඩ් ක්‍රීඩාංගණ රැස්වීම් ශාලාවේදී කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පැවැත්විණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිශ්ණන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. කේ. මීගස්මුල්ල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කඳුකරයට පැමිණීම තමාට මෙන්ම තම ජනතාවටද සතුටට කරුණක් බවයි. එමනිසා එතුමා පිළිගැනීමට අවශ්‍ය සියලු ම ක්‍රියාමාර්ග තමා විසින් සෘජුව ම සොයා බලා ඉටු කරන බව පැවසීය. 
12 වැනි දින නෝවුඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ජන හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක්ද සහභාගී වීමට නියමිතයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.