• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහනුවර නගරයේ රථ වාහන තදබදයට ප්‍රධාන හේතුව පෞද්ගලික ප්‍රවාහනය ඉදිරියට ඒම

patali champikaමහනුවර නගරයේ රථ වාහන තදබදයට ප්‍රධාන හේතුව පොදු ප්‍රවාහන පද්ධතිය යටපත් කරමින් පෞද්ගලික ප්‍රවාහනය ඉදිරියට ඒම බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
 
 
 
 
1987 වර්ෂයේ සිට මේ දක්වා සලකා බැලීමේ දී 80% සිට 50% දක්වා පොදු ප්‍රවාහන පද්ධතිය පහත වැටී ඇති බවත් පෞද්ගලික ප්‍රවාහනය ඊට සාපේක්ෂව ඉදිරියට පැමිණ ඇති   නිසා නගරයේ දැඩි රථවාහන තදබදයක් ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත්  පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (23)  මහනුවර ටොපෑෂ් හෝටලයේ පැවැති මහනුවර උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කිරිම පිළිබඳ  මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

මහනුවර නගරය උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කිරිම සඳහා රුපියල් මිලියන 15000 වෙන් කර ඇති බවත්, එයින් නගරයේ රථවාහන තද බදය අඩු කිරිම, නාගරික ජල සම්පාදන ක්‍රම වැඩි දියුණූ කිරිම, අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, සහ නාගරික පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව  අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කටුගස්තොට සිට මඩවල හරහා දිගන දක්වා ඇති අතුරු පිවිසුම් මාර්ගය, ධර්මාශෝක මාවත පුළුල් කිරීම, මැද ඇල ප්‍රතිසංස්කරණය කිරිම, නුවර වැව ප්‍රතිසංස්කරණය කිරිම දැනටමත් ආරම්භ කර ඇති බවත් අනෙකුත් ව්‍යාපෘති මෙම වසරේ සහ ලබන වසරේ ආරම්භ කිරිමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් යන බවත්ය. 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.