• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

"මහාසූපවංශය" ජනගත කිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 
HE News 2017 04 25 2 33ජ්‍යෙෂ්ඨ සුපවේදී දේශබන්දු, ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද "මහාසූපවංශය" ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
 
 
ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා විසින් වසර 40ක් පුරා සිදු කරන ලද පර්යේෂණයක හා අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස දේශීය ආහාරයේ රස ගුණ සහ  ඔසු ගුණ කැටිකර ගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

පිටු දහසකින් සමන්විත මෙම ග්‍රන්ථය තුළින්  අපේ රටට ආවේණික ආහාරමය ශාක, පලතුරු, අල වර්ග, එළවථ වර්ග 1450ක් පමණ හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.

ග්‍රන්ථයේ මුල් පිටපත ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද කථානායක කරු ජයසූරිය, අමාත්‍ය එස්.බී. නාවින්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.