• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මැදපෙරදිග අතරමං වුණු තවත් 116ක් දිවයිනට

Housemaidsමැදපෙරදිග රැකියාවට ගොස් විවිධ කරදරවලට ලක්වුණු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 116 දෙනෙකු ඊයේ දින අලූයම (24) 557 දරණ ගුවන්යානයෙන් දිවයිනට පැමිණියහ.
 
 
 
 
මේ අතරට කුවේට් රාජ්‍යයේ රැකියාවට ගොස් සිටි 65 දෙනෙකු, සෞදි අරාබියේ රැකියා කළ 31 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ‍්‍රමිකයින් 20 දෙනෙකු අයත් වේ. 
 
 
කුවේට් රාජ්‍යයෙන් පැමිණි පිරිස අතරට තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවන් 23 දෙනෙකුද, නීත්‍යානුකූල නොවන අයුරින් එරට රැඳී සිටි ශ‍්‍රමිකයින් 42 සඳහා තාවකාලික ගමන් බලපත‍්‍ර සකස්කර දිවයිනට පැමිණි පිරිසද අයත් වේ. 
 
 
සෞදි රාජ්‍යයෙන් පැමිණි ශ‍්‍රමිකයින් 31 දෙනාම එරට තානාපති කාර්යාල සුරක්‍ෂා නිවාසය භාරයේ රැඳීසිටි කාන්තාවන් වේ. කටාර් රාජ්‍යයෙන් පැමිණි 20 පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් පස් දෙනෙකු සඳහා නිවෙස්බලා යාමට ගමන් ගාස්තු කාර්යාංශය මගින් ලබාදෙන ලදී. 
 
 
මෙම පිරිස ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, නුවර ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. 
 
 
2016 වසරේදී මෙසේ විවිධ කරදරවලට ලක්වූ 4989 දෙනෙකු විදේශ රටවලින් ගෙන්වා ගෙන ඇත. ඒ අතර ට කුවේට් රාජ්‍යයෙන් ගෙන්වා ගත් 1669, සෞදි අරාබියෙන් 684ක් හා කටාර් රාජ්‍යයෙන් ගෙන්වාගත් 2190 දෙනෙකුද අයත්වේ. 2015 වසරේ ලාංකිකයින් 2734 දෙනෙකු දිවයිනට ගෙන්වා ගන්නා ලදී. 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.