• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වසර 2025දී ලක්ෂ 25කට නිවාස

Hon Sajith P news2017425මේ වන විට රටතුළ පවුල් ලක්ෂ 25ක් නිවාස ප්‍ර‍ශ්නයෙන් පීඩා විදින බවත්, මෙම පීඩාවිදින පවුල් ලක්ෂ 25ට ම වර්ෂ 2025 වන විට නිවාස ලබාදීම වත්මන් රජයේ ප්‍ර‍ධාන අරමුණක් වන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (25) පස්වරුවේදී උදාගම් ව්‍යාපෘතියට සමඟාමී ව ඉදිකෙරෙන  රක්ෂණ උදාගම සඳහා රුපියල් ලක්ෂ 60ක මුදලක් පෞද්ගලික රක්ෂණ සමාගමක් මගින්  පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

මෙම අවස්ථාවට නිවාස සංවර්ධන හා ඉදිරිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත්, අදාළ  රක්ෂණ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් ද   එක්ව සිටියහ. 

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, අද වන විට උදාගම්මාන 25ක් ජනතා අයිතියට පත්කර ඇති බවත්,  රටපුරාම උදාගම්මාන ව්‍යාපෘති 380ක වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ය. මේ වසරේ සිය අමාත්‍යාංශයේ ඉලක්කය කෙසේ හෝ උදාගම්මාන 500ක වැඩකටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කිරීම බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. 


ලක්ෂ 25කට තිරසාර සෙවනක් ලබාදීමේ වැඩසටහන ප්‍රායෝගීකව ඉෂ්ඨ කිරීම සඳහා රජයට බාහිර පාර්ශව වල උදවු උපකාර අවශ්‍යව පවතින බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, රජය සමඟ ඒකාබද්ධව පුද්ගලික අංශයේද සහයෝගයෙන් මෙම වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතු බවද පෙන්වා දුන්නේය. මේ වන විටත් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ආයතනවලින් මේ සඳහා ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ඉල්ලීම පිළිගෙන එක්තරා රක්ෂණ සමාගමක් නිවාස 15කින් සමන්විත කුඩා උදාගමක් බිහිකිරීම සඳහා රුපියල් ලක්ෂ 60ක අරමුදල් පරිත්‍යාගයක් සෙවන අරමුදලට පරිත්‍යාග කළ බවද අමාත්‍යවරයා එහිදී පැවසීය. මෙම පරිත්‍යාග කරනු ලබන සියලු මුදල් සෙවන අරමුදලට බැර කරන බවත්, ඒ සඳහා යම් බදු සහනයක් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වන විටත් ජනාධිපතිතුමත්, අගමැතිතුමත් විසින් මෙරට ඉඩම් නැති ජනතාවට ඉඩම් ලබාදී ඒවාට ශුද්ධ සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ වැඩසටහනට සමඟාමී ව තම අමාත්‍යාංශය මගින් නිවසක් ලබාදීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. 

නිවසක් නොමැති, ඉඩමක් නොමැති ජනතාවගේ මානව අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජය බැදී සිටින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 

යහපාලන ආණ්ඩුව මේ වන විට විශාල නිවාස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, උතුරු පළාතේ සිට දකුණ දක්වා පළාත් නවය ම, දිස්ත්‍රික්ක විසිපහ ම උප දිසාපති කොට්ඨාස 331ක ම ග්‍රාම නිලධාරී වසම් 14022 ම කුඩා ගම්මාන 20ක ම නිවාස ප්‍ර‍ශ්නයෙන් පීඩා විදින ජනතාවගේ නිවාස ප්‍ර‍ශ්නය රජයේ ප්‍ර‍ශ්නයක් බවට පරිවර්තනය කර ගනිමින් මෙම ජාතික මෙහෙවර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.