• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආදර්ශයක්

He news 2017 04 26ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්වීමෙන් පසු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල අඩුකර එම බලතල පාර්ලිමේන්තුවට පැවරූ ආකාරය ලොව පුරා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මහඟු ආදර්ශයක් බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති Saber Chowdhury මහතා පවසයි.
 
 
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා ඊයේ  (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම වැඩපිළිවෙළ තුළින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්වී ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

ලොව ඇතැම් රටවල විධායක ජනාධිපතිවරු පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කරන අතර තවත් ඇතැමුන් සිය බලතල සහ ධූර කාලය ජනමත විචාරණ මගින් දීර්ඝ කර ගන්නා බව පෙන්වා දුන් සභාපතිවරයා අද ශ්‍රී ලංකාව, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට නිසි මග පෙන්වන ආලෝකයක් ලෙස පෙන්වාදිය හැකි බවද කියා සිටියේය.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා පිළිගනිමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව තුළ තරුණ සහ කාන්තා සහභාගිත්වය වැඩිදියුණු කිරීමට අන්තර් පාර්ලිමේන්තු සංගමය ගන්නා ප‍්‍රයත්නය පිළිබඳ තම සතුට පළ කළේය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීම සඳහා මැතිවරණ නීති සම්පාදනය කරමින් පවතින බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ලොව ජනගහණයෙන් සියයට 50ක් පමණ වයස අවුරුදු 30 ට වඩා අඩු නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වයස අවුරුදු 30 ට අඩු සංඛ්‍යාව සියයට 1.9ක් පමණක්ය යැයි පෙන්වා දුන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා මෙම තත්ත්වය නංවාලීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

උගත් තරුණයින් වැඩි වැඩියෙන් රජයේ සහ පාර්ලිමේන්තුවේ වගකීම් දැරිය යුතු බව තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.