• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප‍්‍රදාන” වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන්

He 2017 04 26යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන “රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප‍්‍රදාන” වැඩසටහනේ 15 සහ 16 වන අදියර ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.
 
 
රණවිරු දූ දරුවන් අසූ දෙදෙනෙකු සඳහා මේ යටතේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරුණු අතර 01 ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා සිසුන් 25 දෙනෙකුට රුපියල් 20,000 බැගින් ද, 06 වන ශ්‍රේණියේ සිට 08 වන ශ්‍රේණිය දක්වා සිසුන් 27 දෙනෙකුට රුපියල් 30,000 බැගින් ද, 09 වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් 30 දෙනෙකුට රුපියල් 50,000 බැගින් ද ශිෂ්‍යත්ව ප‍්‍රදානය සිදුවිය.

එමෙන්ම එම දරුවන් සඳහා පාසල් නිල ඇඳුම් කට්ටල සහ පාවහන් ප‍්‍රදානයක් ද සිදු කෙරිණි.

සිසුන් අට දෙනෙකු වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ද ප‍්‍රදානය කළේය.


ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද යුද හමුදාපති, ගුවන් හමුදාපති, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆෝන්සේකා, ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකයේ සභාපතිනි වසන්තා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.