• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මීතොටමුල්ල නිවාස අහිමිවූ තවත් පිරිසකට ජනපති අතින් නව නිවාස

He news 2017 04 26මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදු විය.
 
 
මෙහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30ක් වෙනුවෙන් නිවාස ලබාදීම පසුගියදා සිදු කෙරිණි.


මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 කිි.


එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදීම ද සිදු කෙරේ.

අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේ නම් නිවාසවලට අමතර ව එම පවුල් වෙත මුදල් ලබාදීමට ද රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

නිවාස ලබාදීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ප‍්‍රවේශ දොරටුව අසලදී ම රෝද පුටුවේ සිටි ආබාධිත කාන්තාවකට අදාළ නිවාසයට හිමි හිමිකම් පත‍්‍රය පිළිගැන්වීමට කටයුතු කළේය.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.