• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට විදේශ කාර්යාංශය ට රුපියල් බිලියන 1.2ක ලාභයක්

Hon thalatha athukorale2017ඉතිහාසයේ ප‍්‍රථම වතාවට විදේශ සේවා කාර්යාංශය  රුපියල් බිලියන 1.2ක ලාභයක් වාර්තා කරයි. මෙම තත්ත්වය පසුගිය වසර සමඟ සැසදීමේදී  45%ක වර්ධනයකි.  2015 දී රු.මි 338ක් වූ මෙහෙයුම් ලාභය 2016 දී රු.මි.642ක් දක්වා වැඩිවීමක් පෙන්නුම් කරනු ලබයි.



මෙම ආයතනය මීට පෙර සිය ලාබ පෙන්වනු ලැබූයේ ආයතනය මගින් සිදු කර ඇති ආයෝජන ඔස්සේ ලබාගත් පොලී මතයි.
මෙවර ඒ හැම දෙයක්ම අභිබවා මෙහෙයුම් ලාභයක් ලබා ඇති අතර,  ගිය වසරත් එක්ක සසඳන විට එය 90%ක ලාභයක් ලෙස දැක ගැනීමට හැකි වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පැවසුවාය.


අමාත්‍යවරිය මේ බව පැවුසවේ පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.


මෙහිදී අමාත්‍යවරිය තවදුරටත් පැවසුවේ, "පසුගිය වසර 10ක් පමණ අපි ලබන එකම ආදායම  විදේශගත ශ‍්‍රමිකයින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ යි. අපේ ආයතනය අද ප‍්‍රමුඛතාව ලබාදෙන දේ තමයි මෙම ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය. ඒ කටයුතුත් නොපමාව කරන අතර තුර මේ වගේ ලාභයක් අපි ලැබුවේ. 


2015 වර්ෂයේ ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 263000ක් පමණ ප‍්‍රමාණයක්. 2016 වර්ෂයේ එය 243000ක් වගේ සුළු අඩුවීමක් තියෙනවා. 2017 ජනවාරි ඉඳන් මාර්තු දක්වා මුල් කාර්තුවේ ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 53000 කට ආසන්න ප‍්‍රමාණයක් හඳුනාගත හැකිව තිබුණා. ඒ වගේම අපි සුබසාධන වැඩකටයුතු දිගට ම කරගෙන යනවා. ඒ සඳහා මිලියන 4ක් වැය කරන කොට 2016 වර්ෂයේ අපි මිලියන 25.19 ක් වියදම් කරලා තියෙනවා. දරුවන්ගේ ශිෂ්‍යත්ව වෙනුවෙන් 2015 වර්ෂයේ මිලියන 6ක් වැය කරන කොට 2016 වර්ෂයේ මිලියන 71.76ක් වැය කරලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් හේතු නිසා සිදුවුණු මරණ ප‍්‍රමාණය වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුවෙලා නෑ. ඒ වගේම අපිට 2015 වර්ෂයේ පැමිණිලි 717ක් ලැබිලා විසඳම් 668ක් ලබාදීලා තියෙනවා. ඒ වගේම 2016 වර්ෂයේ පැමිණිලි 691ක් ලැබිලා විසඳපු ප‍්‍රමාණය 581ක් තියෙනවා. ඒ අනුව බලද්දි ලැබුණු පැමිණිලි ප‍්‍රමාණයේ අඩුවක් දකින්න තියෙනවා. 


ඒ වගේම ඉතිහාසයේ වැඩිම පිරිසක් කොරියානු රැකියා ලබා පිටත්වීම පසුගිය වසරේදී සිදුවෙලා තියෙනවා. ඒ ප‍්‍රමාණය 6629ක් හැටියට වාර්තා වෙලා තියෙනවා. 2014 වර්ෂය එක්ක සාපේක්‍ෂව බලද්දි 32.39%ක වැඩිවීමක් වෙලා තියෙනවා. 


ඒ වගේම පිටරට සුරක්‍ෂා නිවාස ගණනාවක් අපි නඩත්තු කරනවා. සෞදි අරාබියේ රියාද් හා ජෙඩාවලත්, අබුඩාබි, ඩුබායි,  ඕමාන්, කටාර්, ජෝර්දාන්, ලෙබනන් වගේ රටවල අපි සුරක්‍ෂා නිවාස නඩත්තු කරනවා. 2015 වර්ෂයේ සුරක්‍ෂා නිවාසවල හිටිය ප‍්‍රමාණය 5600ක් වෙනකොට 2016 වර්ෂයේ ඒක 3552ට අඩු කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. 2017.2.28 වෙනකම් 371යි වාර්තා වෙන්නේ. රැඳවුම් නිවාස සඳහා 2015 වර්ෂයේ මිලියන 78ක් වියදම් කරලා තියෙනවා. 2016 වර්ෂයේ මිලියන 40.11ක් වියදම් කරලා තියෙනවා. සුරක්‍ෂා නිවාස වලින් දිවයිනට ගෙන්වාගත් ප‍්‍රමාණය 2016 වර්ෂයේ 5000ට ආසන්න වෙලා තියෙනවා. 2017 පෙබරවාරි 28 වෙනකම් 453ක් ගෙන්වා ගෙන තියෙනවා. 


අපිට විශේෂ විමර්ශන ඒකකයක් තියෙනවා. අපිට ලැබෙන පැමිණිලි අසාධාරණයක් නොවන විදිහට ඉන් විමර්ශනය කරනවා. අපි විශේෂයෙන් සතුටු වෙනවා පහුගිය කාලේ මේ ආයතනයේ ප‍්‍රතිරූපයට හානි වෙන විදිහට තිබුණ තත්ත්වය නැති කරන්න මේ යහපාලන රජය උත්සහ කරනවා." 



මෙහිදී දකුණු කොරියානු රැකියා පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරිය පැවසුවේ, "මේ තාක් කාලයක් සිද්ධ වුනේ රට පුරාම හිටිය පුද්ගලයින් කොරියාවේ කුමන හෝ රැකියාවකට යන්න ඇති වුවමනාවට මේ ක්ෂේත‍්‍රය පිළිබඳ කිසිම අවබෝධයක් නැති අයත් ධීවර අංශයේ රැකියාවට ගියා. අපි දැන් තීරණයක් අරන් තියෙනවා ධීවර රැකියාවට යන අයට මෙහෙදිම ඒ පුහුණුව ලබාදෙන්න. කොරියාවේ දේශගුණික තත්ත්වයත් අපේ දේශගුණික තත්ත්වයත් වෙනස්. කොරියාවේ මුහුද ඉතාම සීතලයි. මෙහේ නිකන් මුහුදේ ඉන්නත් බැරි අය කොරියාවේ සීතල මුහුදේ ඉන්නත් බෑ. පහුගිය කාලේ වෙනත් රටවලින් රැකියාවට ගන්න එක නතර කරපු නිසා අපිට ඒ සම්බන්ධ රැකියා කෝටාවක් ලැබුණා. දැන් දෙන පුහුණුවත් එක්ක ඒ රටවලට යන්න පුළුවන්ද කියලා තීරණයක් ගන්න පුළුවන්. 


උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ගැටුමක් ඇතිවුණොත් ඒ රටේ සිටින විශාල ශ‍්‍රී ලාංකික ප‍්‍රමාණයකගේ ආරක්‍ෂාව සම්බන්ධ ගැටලුවක් ඇතිවෙනවා නේද? යන් පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ,  "ඒ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ මැදිහත්වීමෙන්. විදේශ කටයුතු අමාතයංශයත්, අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාගේත් විශේෂ ඉල්ලීමට කොරියාවේ තානාපතිතුමිය ඒ සම්බන්ධයෙන් අපිට සැලැස්මක් හදලා එවලා තියෙනවා. අපේ අය සේවය කරන ප‍්‍රදේශවල හදිසි තත්ත්වයක් ඇතිවුණොත් ඒ අය කොහෙටද යොමුවෙන්න  ඕනි කියන කාරණාව ගැන. ලාංකිකයින්ට අවම හානියක් ඇති කරමින් හැකි ඉක්මණින් ඒ අය දිවයිනට ගෙන්වා ගැනීමට අපි සූදානම්. 


එමෙන් ම එහිදී පසුගියදා කොරියාවේ සේවයට ගිය තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්වීම පිළිබඳ ව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරිය පැවසුවේ,  ඇත්තට ම මම මේක අවස්ථාවක් කරගන්නවා කොරියානු රජයට විශේෂ ස්තූතියක් කරන්න. මේ දරුවා නිතරම තමන්ගේ ගෙදරත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ස්කයිප් හරහා එහෙම. දින කිහිපයක් කිසිම තොරතුරක් නැති නිසා අපිට පැමිණිලි කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ ළමය සිය දිවි නසාගන්න ඇතැයි කියලා. ඉතාම උස තැනකට ගිහිල්ලා පැනලා තියෙනවා. අපි මේ වෙලාවේ විශේෂ ස්තූතියක් කොරියානු රජයට කරන්නේ කොරියාවේ පොලිසියත්, හදිසි ඇමතුම් අංශයත් එකතුවෙලා මෘතදේහය හොයාගන්නකම් කැලෑ ප‍්‍රදේශයක, පැනපු තැන පහළ තියෙනවා කියන්නේ මඩ වගුරක්. තවදුරටත් පරීක්‍ෂණ කරනවා මේ ඒ ළමයමද කියලා තහවුරු කරගන්න. අපිට ලැබිලා තියෙන ආරංචි හැටියට අතුරුදන් වෙන්න මොහොතකට කලින් එරට ඉන්න ඥාතියෙක් එක්ක කතා කරලා තියෙනවා. මේ ගැන පවුලේ ඥාතීන් දැනුම්වත් කරලා තියෙන්නේ. ඒ අය බලාපොරොත්තු වෙනවා දේහය ගෙන්ව ගන්න. අපි ඒකටත් අවශ්‍ය කටයුතු කරනවා. "



බොහෝ පිරිසක් කාන්තාවන් විදේශ ගතවීම පිළිබඳව විරුද්ධ මත පළකරනවා.  මේ වන විට කාන්තාවන් විදේශ ගතවීමේ ප‍්‍රවණතාවය පිළිබඳ ව අදහස් දැක්වූ අමාත්‍යවරිය පැවසුවේ, පොඩි අඩුවීමක් තියෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. අපි පුහුණුව වැඩිකරලා තියෙනවා. අවුරුදු 5ට අඩු දරුවන් ඉන්න මව්වරුන්ට විදේශ ගතවීමට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඒ යන අයට දැනුම්වත් කිරීම් කරන්න කටයුතු කරනවා. කාන්තාවන් විතරක් නෙවෙයි  ඕනෑම කෙනෙක් පිටරට රැකියාවට යන එක ගැටලුවක් තියෙනවා. රටේ ආදායමට බාධාවක් නොවන විදිහට කාන්තාවන්ට මේ රටේ ලැබෙන රැකියා අවස්ථාවන් ලබාදෙනවා. ඒ වගේම ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හරහා 25%ක මුදලක් කාන්තාවන්ට රැකියා අවස්ථා උදාකිරීමට වෙන්කරනවා. රැකීරක්‍ෂා බිහිවෙනකොට මේ ප‍්‍රමාණය තවත් අඩුවෙයි."

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.