• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

26 වන උදාගම අද පොලොන්නරුවේදී විවෘත කෙරේ

udagam2017නව උදාගම් වැඩසටහන යටතේ ඉදිකෙරුණ 26 වැනි උදා ගම්මානය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ දී "සුන්දරමහාදේවිගම" ගම්මානය ලෙසින් අද (27)  පෙ.ව 10.00ට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පැවරේ.


බෝඅත්ත ගම්මානය කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මාදුරුඔය ජලාශයෙන් පෝෂණය වන මහවැලි  ‍"බී" කලාපයට අයත්ය. මෙහි මුල් පදිංචිකරුවන් වන්නේ දෙමළ බස කතා කරන ආදිවාසී පරපුරේ පවුල් සමූහයක් සහ පාරම්පරික දෙමළ ජාතික පවුල් සමූහයක් වන අතර වසර 1986 දී පමණ මහ‍වැලි ජනාවාස වැඩපිළිවෙළ යටතේ පිටස්තර පළාත්වලින්ද තවත් පවුල් රැසක් මෙහි පදිංචි කරවා ඇත. පසුකාලීනව කොටි ත්‍රස්තවාදය හේතුවෙන් ප්‍ර‍‍දේශයේ ඇතැම් පවුල් වෙනත් ප්‍රදේශවලට පදිංචියට ගොස් ඇත. "සුන්දරමහාදේවිගම" සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට පවත්වන ලද ඉඩම් කච්චේරිවලදී මුල් පදිංචිකරුවන්ගේ දෙවන පරම්පරාවේ පවුල්වලට ප්‍රමුඛතාවය හිමි කර දී තිබේ.


අක්කර 6ක භූමිභාගයක ඉදිකළ මෙම ගම්මානය නව නිවාස 29කින් සමන්විත වන අතර, සෑම නිවසක්ම  පර්චස් 40ක ගෙවත්තකින් සමන්විතය. ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ "සුන්දරමහාදේවිගම" නිවාස ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබාදී තිබේ.


"සුන්දරමහාදේවිගම" ජනතා අයිතියට පත්කිරීමේ වැඩසටහන යටතේ, ගම්මානයේ නිවාසලාභී පවුල් 29 සඳහා ඊට අදාළ හිමිකම් පැවරීම, 
ප්‍රදේශවාසී අඩු ආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 100ක " විසිරි නිවාස ණය" ලබාදීම, වකුගඩු රෝගී පවුල් 300ක් සඳහා නිවාස ආධාර ලබාදීම,   ශිල්ප සවිය" යටතේ පුහුණුව ලබාදීම සඳහා තරුණ තරුණියන් 250 දෙනෙකුට  රුපියල් ලක්ෂ 115ක වටිනාකමින් යුතු වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් සහ විෂයානුබද්ධ පෙළ පොත් ලබාදීම, දෘෂාබාධිත පුද්ගලයින් 95 දෙනෙකු සඳහා රුපියල් 76,000ක වටිනාකමින් යුතු  ඇස් කණ්ණාඩි නොමිලයේ ලබාදීම, ප්‍රදේශයේ පෙර පාසල් සඳහා රුපියල් 238,000ක වටිනාකමින් යුතු වතුර ෆිල්ටර් ලබාදීම, ඇතුළු ප්‍රතිලාභ රැසක් අදාළ ජනතාවට හිමිවේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.