• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

child 2016කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කාලය 2017.05.15 වන දින දක්වා දීර්ඝ කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.



මීට පෙර මහජන අදහස් ලබාදිය හැකි අවසන් දිනය බවට දක්වා තිබුණේ 2017.04.30 වන දිනයි. නමුත් විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් මෙලෙස කාලය දීර්ඝ කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කරන ලදි. 


කෙටුම්පත් කර ඇති ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියේ සම්පූර්ණ ලියවිල්ල ලබාගත හැක්කේ - 


1) www.childprotection.gov.lk වෙබ් අඩවිය ඔස්සේ හා 


2) සභාපති, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නො. 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයේ ස්ථාපිත ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීම් කිරීමෙනි.


අදාළ කෙටුම්පත පිළිබඳව මහජන අදහස් හා යෝජනා උක්ත තැපැල් ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට එවීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.


ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියේ කෙටුම්පත යනු, වසරකට අධික කාල පරිච්ඡේදයක් මුළුල්ලේ ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් පවත්වන ලද විවෘත සාකච්ඡාවල ප්‍රතිඵලයකි. ජාතික හා පළාත් පරිවාස හා ළමා ආරක්ෂක කොමසාරිස්වරුන්, පොලිස් දෙපාර්තමේන්තුව, ළමා මහලේකම් කාර්යාලය, කාන්තා හා ළමා කටයුතු, අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු, අධිකරණ, සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන, විදේශ රැකියා යන අමාත්‍යාංශ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, රාජ්‍ය නොවන සංවිධාන, අන්තර්ජාතික සංවිධාන හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද ඇතුළත් වූ සියලු ම අදාළ අංශවල දෘෂ්ටිකෝණයන් එක්රැස් කිරීම, අන්තර්ග්‍රහණය කිරීම හා වැඩමුළු පැවැත්වීම ආදිය මඟින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මෙම ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සලස්වන ලදී. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.