• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමස්ත රට ම ආවරණය වන ලෙස මාස දෙකක් තුළ මාදැල් සමිති පිහිටුවීමට පියවර

fisheries2017සමස්ත රට වටේම මාදැල් ධීවර සමිති පිහිටුවීම මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කරණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
 


රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ජාතික ධීවර මහා සම්මේලනය යටතේ මාදැල් සමිති සඳහා නව පණක් ලබාදීම තම අරමුණ වන බවයි.       


අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම මාදැල් ධීවර සමිතිය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ,      “මෙතෙක් එකම මාදැල් ධීවර සමිතියක් දකුණු පළාතේ තිබුණේ නැහැ . මෙය තමයි දකුණු පළාතේ පළමු මාදැල් ධීවර සමිතිය. මට පසුගියදා වගකීමක් පැවරුණා මේ මාදැල් කර්මාන්තය පිළිබඳ සොයා අවශ්‍ය කටයුතු සිදුකිරීමට. ඒ අනුව සමස්ත ලංකා මාදැල් සමුපකාර සම්මේලනයේ නිලධාරීන්  අමාත්‍යංශයට කැඳවා සාකච්ජා කළා . එහිදී ඔවුන් මෙම කර්මාන්තයට බලපා ඇති ගැටලු ඉදිරිපත් කළා.  ඒ අනුව මම වැඩපිළිවෙළක් සකස් කළා. එම ගැටලු වලට විසඳුම් ලබාදීමට. මෙහිදී මේ රට වටේ විසිරි සිටින මාදැල් ධීවර කාර්මිකයන් එකට ගොනුකර ගැනීම අවශ්‍යයි. මෙහිදී ජාතික ධීවර මහා සම්මේලනයට නව මුහුණුවරක් ලබාදී මාදැල් ධීවර සමිති එක්කර ධීවර ජනතාවට ලබාදිය හැකි සෑම සහනයක්ම ධීවර සම්මේලනය හරහා ලබාදීමට කටයුතු කරනවා. මමත් ධීවරයෙක්, පාරම්පරික මාදැල් හිමියෙක්. ඒ නිසා මේ ධීවර කර්මාන්තය රැකගැනීමට  වගේම ධීවර ජනතාවට කළ හැකි සියල්ල කිරීමට මට විශාල ආශාවක් වගේම උනන්දුවක් තියෙනවා.  ඒ නිසා මේ කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් මම කැපවෙනවා.”

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.