• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොල්ගහවෙල,පොතුහැර, සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ඇරඹේ

water project logo2017පොල්ගහවෙල,පොතුහැර සහ අලව්ව ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා යෝජිත පොල්ගහවෙල,පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ලබන 28 වැනි සිකුරාදා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගිත්වයෙන් පොතුහැර දී උත්සවාකාරයෙන් ආරම්භ කෙරේ.



ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන  යාපා, අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න, ප්‍රවාහන නියේජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල යන මහත්වරුන් ප්‍රමුඛ ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන්  පැවැත්වෙන මෙම උත්සවයේ සමාරම්භය පොතුහැර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතය.


සැමට පිරිසිදු ජලය ලබාදීම සංකල්පය සාක්ෂාත් කිරිම පිණිස නගර  සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් මෙම ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය මගින්  කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, අලව්ව, කුරුණැගල, මල්ලවපිටිය, වීරඹුගෙදර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුළ පවතින ග්‍රාම නිලධාරි වසම් 167ක ජනතාවට ප්‍රතිලාභ ලබාදිමට අපේක්ෂිතය. මෙහි ඉලක්ක ගත ප්‍රතිලාභින් සංඛ්‍යාව 167,725 කි.  මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 108 කි. මෙම ව්‍යෘපෘතිය සඳහා ඉන්දියානු එක්සිම් බැංකුව ඇ.ඩො.මි.91.8 ක්, ලංකා බැංකුව ඇ.ඩො.මි.16.2 ක් හා ශ්‍රී ලංකා රජය  රු.මිලියන 4547.8 ක් ලෙස මුදල් වෙන් කර ඇත. ව්‍යාපෘතියේ අපේක්ෂිත මුළු පිරිවැය රු. මිලියන 20,207කි. පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය මා ඔය ජල මුලාශ්‍රය යොදා ගනිමින් ඉදි කෙරෙනු ඇත. පොල්ගහවෙල  කරඳන පාලම අසල දී මාඔය හරහා උස මී 1.6 ක වේල්ලක් ඉදිකරමින් මෙම ජල ව්‍යාපෘතිය නිම කිරිමට අපේක්ෂිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.