• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අපනයනකරුවන් 2000ක් නගාසිටවීමේ ජාතික වැඩපිළිවෙළක්

exportශ්‍රී ලංකාවේ පළාත් මට්ටමෙන් අපනයනකරුවන් 2000ක් බිහිකොට ඔවුන් ගොඩනැංවීම  සඳහා ජාතික වැඩසටහනක් දියත් කෙරේ.


ඒ පිළිබඳ ව ව්‍යවසායකයන් දැනුම්වත් කිරීම සඳහා පළාත් මට්ටමෙන්  රටපුරා සම්මන්ත්‍රණ මාලාවන්  පැවැත්වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු සංවිධානය කර තිබේ.  

එම වැඩසටහන් මාලාව යටතේ මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්නෙ සම්මන්ත්‍රණය හෙට (28) වන දින  පෙ.ව 9.30ට මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය අමාත්‍ය  සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය,  මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, ඇතුළු පළාතේ දේශපාලන අධිකාරිය ද රාජ්‍ය නිලධාරීන් රැසක්ද සහභාගී වීමට නියමිතය.


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය අධීක්ෂණය යටතේ සංවිධාන කටයුතු සිදු කරනු ලැබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.