• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ‍්‍රී ලංකාවේ ආයෝජන කටයුතු පුළුල් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනපතිගෙන් මැලේසියානු ආයෝජකයන්ට ආරාධනයක්

He news 2017 04 28ශ‍්‍රී ලංකාවේ ආයෝජන සහ වාණිජ කටයුතු පුළුල් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මැලේසියානු ආයෝජකයින්ට ආරාධනා කළේය.


මැලේසියාවේ සුප‍්‍රකට පෙට්‍රෝලියම් සමාගමක් වන PETRONAS සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී Datuk Wan Zulkiflee Wan Ariffin මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ හමුවූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම ආරාධනය සිදුකළේය.


තම සමාගම විසින් ශ‍්‍රී ලංකාවට ගෑස් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන සපයා ඇති නමුත් ශ‍්‍රී ලංකාව සමග දීර්ඝකාලීන ව්‍යාපෘතියකට සම්බන්ධ වී නොමැති බැවින් ශ‍්‍රී ලංකාව සමඟ දීර්ඝ කාලීන සබඳතා ඇති කර ගැනීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් මෙරට සංචාරයක නිරත වීමට පැමිණි බව මෙහිදී Datuk Wan Zulkiflee Wan Ariffin මහතා කියා සිටියේය.


ලොව සුප‍්‍රකට සමාගම් ලේඛනයක් වන Fortune 500 ලැයිස්තුවට ඇතුළත් එකම මැලේසියානු සමාගම වන PETRONAS සමාගම දැනට ලෝකයේ රටවල් 30ක නව ව්‍යාපෘතීන්වලට සම්බන්ධ වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.


ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී පරිසරය විදේශ ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් බැවින්, PETRONAS වැනි ලොව පිළිගත් සමාගමක් මෙරටේ ආයෝජනයක් සිදුකරන්නේ නම්, එය දෙරට අතර වාණිජ සබඳතා වලට මහත් රුකුලක් වනු ඇතැයි ද ජනාධිපතිතුමා තම විශ්වාසය පළ කළේය.


ජනාධිපතිතුමා හමුවීමට තමන් ඇතුළු නියෝජිත පිරිසට අවස්ථාව ලබාදීම පිළිබඳ ව ස්තුතිය පළ කළ Datuk Wan Zulkiflee Wan Ariffin මහතා, තම සංචාරය අතරතුරදී මෙරට ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍යවරුන් ද හමුවී ව්‍යාපාරික සබඳතා පිළිබඳ ව සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.


මේ අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් Wan Zaidi Wan Abdullah මහතා ද එක්ව සිටියේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.