• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු පත්කෙරේ

HEජ්‍යේෂ්ඨ නීතිඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරනු ලැබ තිබේ.


ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඉ) යටතේ අතිගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතිඥවරුන් ජනාධිපතිතුමා විසින් මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර ඇත.

ඒ අනුව දයා පැල්පොල, ආරිය බී. රැකව, අනුර බණ්ඩාර මැද්දෙගොඩ, නිස්සංක නානායක්කාර, නෙවිල් අබේරත්න, ඩබ්ලිව්.කේ. අනුජ කෞෂික පේ‍්‍රමරත්න, ඒ.එල්.එම්. හෙදයාතුල්ලා, සමන්ත රත්වත්තේ, විජේරත්න ධර්මසේන, උපාලි සේනාරත්න, පද්ම බණ්ඩාර, එස්.කේ. මාරික් පීරිස්, කරුණාරත්න හේරත්, මහේන්ද්‍ර සුවඳරත්න, ඒ.පී.සී.එම්. ජයසේකර, මොහාන් වීරකෝන්, පී.ආර්.එස්.පී. සමරනායක, උපුල් ජයසුරිය, ආනන්ද වික‍්‍රමසේකර, ජේ.සී. වැලිඅමුණ, එම්.ඒ. සුමන්තිරන්, විජය නිරන්ජන් පෙරේරා, කරුණාදේවගේ විමලදාස, මොහොමඩ් නිසාම් කාරියප්පර්, විවේකානන්දන් පුවිදරන් යන මහත්වරුන් මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්ව සිටී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.